Sunday, January 11, 2015

නුබ අහස වුනේ ඇයි


2 කොටස

විශ්වවිද්‍යාලයේ ගෙවුණු දවස් දෙකේම ආචාර්යවරුන්ගේ දේශන වලට වඩා අපිට තිබුණේ   ජේෂ්ඨයින්ගේ දේශන.      
                 “ස් ස් ස් ස් ස් ස් ස් ස් ස් .................”
       “අනේ....  අද උදෙන්ම කරදරේ පටන් අරන් වගේ.” රැග් එකේදී ම අදුන ගෙන හිතවත් වුන අමායා බයේ වෙවුල වෙවුල කිව්වා.

අපි කට්ටිය කට්ටිය හැදිලා විශ්වවිද්‍යාලය ඇතුලේ ඇවිදින්නේ ජේෂ්ඨයින්ට තියෙන බය නිසාමයි. ඇත්තටම රැග් සමය කියන්නෙ විශ්වවිද්‍යාලය මතකයේ සුන්දරම මතකයන්ගෙන් එකක් කිව්වට, අපිට මේ  දවස් වල ජේෂ්ඨයින්ව පෙන්නේ අපිව මරන්න එන අමුතු සත්තු වර්ගයක් වගේ.

          “ ඒයි ඒයි ජුන්ඩෝ... කොහෙද උබල ඇහුන් නෑ වගේ යන්නෙ වරෙන් “  අපි ඇහුණ නෑ වගේ යන්න හදනකොට ඒ කට්ටියම කෑ ගහන්න පටන් ගත්තා.

          “අද නම් බේරෙන්න හම්බෙන් නෑ මචං යමං යමං දැන් ඉතින්” අපිත් එක්ක හිටපු කව්දෝ පිරිමි ළමයෙක් එහෙම කිව්වේ ආපස්සට හැරෙන්න හදන ගමන්.

            “උබල එකෙක්ගෙවත් කන් ඇහෙන් නැද්ද?” එක අයිය කෙනෙක් උගුර යටින් කිව්ව් විදියට මගේ ඇසුත් උඩ ගියා.

ජේෂ්ඨයො කට්ටියමා අපි දිහා බලාගෙන හිටියා. මම  හෙමිහිට ඔළුව උස්සලා දෙපැත්ත බැලුවා. මගේම අවාසනාවට හැමෝම බිම බලන් ඉන්න කොට මම විතරයි ඔළුව උස්සල තියෙන්නෙ.අනිත්  කට්ටියම බිම බලන් හිටියෙ.

              “උබ මොනවද බලන්නෙ?” මුළු විශ්වවිද්‍යාලයටම ඇහෙන්න තරම් මහ සද්දෙන් මගෙන් ජේෂ්ඨයෙක් ඇහුවා.

                “මුකුත් නෑ...” මං අමායගේ අත තද කරල අල්ලාගෙන හෙමින් කිව්වා.

                 “එහෙනම් බිම බලාගනින්”

                 “ චමත්කාර ඔනායා “ මං බිම බලාගෙන ටික වෙලාවක් ඉන්නකොට මගේ නම කියනව ඇහිලා ඔළුව උස්සල බැලුවා.

මං මුකුත් කියන් නැතුව ඒ අයියගෙ මුණ දිහා බලාගෙන ඔළුව වනලා අයෙත් බිම බලා ගත්තා. 

ඒ අයියා එදා වගේ නෙවෙයි අද කියල මට හිතුනා විතරයි. එදා වගේම සැර කරලා මගෙන් ඇහුවා  “නම හරි නේද?”
             “ඔව් හරි” මං එදා වුන දේ ගැන හිත හිත උත්තර දුන්නා.

             “ලස්සනයි නම”

             “තැන්ක්ස් “ මං පුදුමයෙන් කිව්වා.

             “තැන්ක්ස් ????” ආයිත් අර රකුසු පෙණුම ටිකක් විතර අඩුවෙන්  එයාගේ මුණට අවා.

            “සමාවෙන්න ජේෂ්ඨ උත්තමය ස්තුතියි“ මං බොහොම බැගෑපත් ස්වරයෙන්  කිව්වා.

            “කඩුව කපන්න වෙනවා” එයා හිනා වෙන ගමන් කිව්වා.

           “ආආ....  හා”

           “හී හී හී හී හී .....” ඒ හිනා වුන විදියට එයාගේ  බොර පාට ඇස්  දිළිසුනා.

ඒ ලැබුණ ඇසිල්ලෙන් මං හෙමීට වට පිට බැලුවා. මාත් එක්ක ආව හැමෝවම එක එක්කෙනා රැග් කරන්න අල්ලාගෙන.

           “දන්නවනෙ කඩුව බෑ කියල”

           “ඔ.....ඔ....වූ...”

           “බයෝ ද කරන්නේ?”

           “ඔව්”

           “ගෙවල් කොහෙද”

           “නුවර ”

           “නුවර කියන්නෙ නුවර ටවුන් එක මැදද?” එයා එහෙම කිව්වම මට හිනාවක් ගිය.

           “නෑ..  තෙල්දෙණියේ”

           “ඉස්කෝලේ”

           “මහමායා”

           “ඒ ලෙවල් කරේ?”

           “2010”

          “චමත්කාර ඔනායා” එයාගෙ  පනාවක් දැකලවත් නැති කොන්ඩේ අතගාන ගමන් එයා හෙමීට කිව්වා.

          “ඔව්” මං බයෙන් බයෙන් හෙමීට කිව්වා.

           “ඔහොම බය වෙන්න එපා මං මරන් කන් නෑ”

            “හා”

            “හී හී හී හී හී හී හී හී.................. බය වෙන්න එපා දැන් මං රැග් කරන් නෑ” ඇස් පුංචි කරලා හිනාවෙන ගමන් එයා හෙමීට කිව්වා.

මට හිතා ගන්නත් බැරි වුණා ඇයි කියලා එහෙම කිව්වේ. එත් රකුසු බැල්මෙන් මාව කන්න වගේ බලපු කෙනා නෙවෙයි දැන් ඉන්නෙ කියල නම් මට තේරුණා. එත් එක පාරටම විශ්වාස කරන්න මගේ හිත බය වුණා.

             “ මං අහස්” අහසක් වගේ පැහදිලි නොවුන බොර පාට ඇස් දෙකෙන් හිනා වෙන ගමන් අහස් කිව්වා.

           වෙන වෙලාවක නම් මං කියනවා ” ඔයා ඇයි අහසක් වුනේ පොළොව නොවී “ කියල.  එත් ඒ වෙලේ මං මගේ කට බොහොම අමාරුවෙන් පරිස්සන් කරගෙන හිටියා.

              “චමත්කාර ඔනායා....  කව්ද නම දැම්මේ?”

මගේ නම අමුතු විදියට බර කරල කියනකොට මට හිනා  ගියේ ඉබේටමයි.

               “හිනා වෙන්න දෙයක් මං දැන් කිව්වේ නෑ නේද?”

                “නෑ... නෑ...මට නිකන් හිනා ගියෙ, අප්පච්චි යි, බින්සු යි,බින්කු යි  නම දැම්මේ”

                 “කව්ද? බින්ස්, බිංකු කියන්නෙ?”

හැම වෙලේම මට අමතක වෙනවා අක්කයි අයියයි  කියල කියන්න. අනිත් අය ඒ  දෙන්නගේ නම් දන් නෑ කියල මට මතක්  වෙන්නේ හැමෝම “ඒ කව්ද ?” කියල ඇහුවට පස්සෙ.

                 “අහා.......  මගේ අයියයි,අක්කයි “
 
                  “ලස්සන නමක්” කටහඩ බර  කරල අහස් කිව්වා.

මගේ නම ලස්සනයි කියල හැමෝම කියන  නිසාද මන්ද, මට මගේ නම ලස්සනයි කිව්වට විශේෂ හැගීමක් ඇති වෙන් නෑ. ඒ නිසාම මං යන්තන් හිනා වුණා.

                   “ආ....ආ ..... ආ ගැජට් ගොඩ ගිහින් වගේ.” එතනින් ගිය අක්කල කට්ටියක් එහෙම කියාගෙන එතනට ආවා.

                     “ඇයි උබලට ඊරිසියද?”

                      “අපෝ ....... නෑ... එත් බං අරෙහෙ කොම්බා මේ කෙල්ල ගැජට් ට කිය කිය කෙල්ලෙක්ව තියන් ඉන්නව.” එතන හිටිය එක අක්ක කෙනෙක් මා දිහා අමුතු විදියට බලලා කිව්වා.

                      “ඌට පිස්සු “

                       “ගැජට් මේ කෙල්ලට වඩා කොම්බා කියන කෙල්ල ලස්සනයි බං.තාම කොක්ක ගැහුවෙ නෑ නේ? ඔන්න ඔහේ අත ඇරල  දාන්න.” එතන හිටපු කෙනෙක් අහස ට පැත්තකට කථා කරල කිව්වා. 

මාත් ඉතිං මොනවද මේ කියන්නෙ කියල හොදට අහන් හිටිය නිසා මට ඇහුණා.

මට පළවෙනි  පාරට මං කැතද කියලා හිතුනා. වැඩිය සුදුත් නැති කළුත් නැති, තල එළලු  හමක් තියෙන මගේ මහා ලොකු ලස්සනක් නැති වුනාට මං කැතයි කියල මට හිතෙන් නෑ. “හැම කෙනාටම හැමෝවම එක වගේ ලස්සන නෑ නේ,මට මොකද ඒ ළමයා මට වඩා ලස්සන ඇති”  මං මගේ හිතටම එහෙම කියා ගත්තා.

                    “හැමෝම හෙට එන කොට කවි පාඩම් කරන් වරෙල්ලා, පද්දතිය ට ඇතුලත් කර ගන්න.” කව්ද මන්දා මහා  සද්දෙන් එහෙම කියනවා ඇහිල මං මගේ මනෝ ලෝකෙන් එළියට ආවා.

                                                


                                   හමුවෙමු අයෙත් මේ අහස යටදී......

                    

No comments:

Post a Comment