Thursday, January 8, 2015

නුබ අහස වුනේ ඇයි

1 කොටස

           නම නොදන්න පුංචි කොළ තියෙන මොකක්ද ගහක් ඈතින් ඉදන් සුළග එක්ක හෙමිහිට මොනවදෝ  මුමුණනවා. මං බයෙන් බයෙන් සැරින් සැරේ වට පිට බලන ගමන් ඒ දිහා බලන් හිටියෙ,  අදුරන කව්රුවත්ම නැතුව මහා සෙනගක් මැද කා එක්ක හිනා වෙන්නද කථා කරන්නද කියල තීරණයක් ගන්න බැරුව.

         “හ්ම්ම් නම “ එක පාරටම රැවුල වවා ගත්ත පිරිමි ළමයෙක් ඇවිත් මගෙන් අහපු විදියට මට හිතුනා මේ ජේෂ්ඨයෙක් තමයි කියල.

         “චමත්කාර ඔනායා” මං හෙමින් කිව්වා.

          “මොකක්......”

         “චමත්කාර ඔනායා” මං ඉස්සෙල්ලට වඩා ටිකක් සද්දෙන් කිව්වා.

         “උබ හිතුවද මගේ කන් ඇහෙන් නෑ කියලා හයියෙන් කියන්නේ”

මං මුකුත් නොකියා මුණ දිහා බලන් හිටිය. එත් ඒ වෙලේ මට අහන්න ඕනා වුණා “ඇයි එහෙනම් මොකක් කියල ඇහුවේ” කියල.එත් මං අපේ අක්කා කිව්ව විදියටම ජේෂ්ඨයො ළගදි කට පරිස්සන් කරගෙන හිටියා.

           “උබට දැන් කථා කරන්න බැරි උනාද එක පාරටම”

            “නෑ.. නෑ...  “

           “උබේ මොනවද නැත්තෙ දැන්”

           “නෑ.. නෑ...  “

           “උබ හිතුවද මේක ඔව්, නෑ, බෑ තරගයක් කියලා”

           “නෑ..” මට මොනව කියන්නද කියල හිතා ගන්න බැරුව මං අයෙමත් නෑ කිව්වා.

 මට තේරුනා දැන් නම් මගේ අවසානය තමයි කියල.අහන හැම දේටම උත්තරයක් මට තිබුණට,අක්කා කිව්ව  විදියට ශේප් එකේ උත්තර දෙන්න මං දැනන් හිටියෙ නෑ ඇත්තටම.

           “මොකද  උබ නෑ කියන වචනෙ විතරද දන්නෙ, උබ මේක සෙල්ලමකට ගත්තද?”

මං ඒ අයියගෙ මුණ දිහා බලන් හිටියෙ එයා අහන ප්‍රශ්න වලට නෑ කියන් නැතුව වෙන මොනව කියන්නද කියල මට තේරුන් නැති නිසයි.

           “ මොකෝ ඒ ගමන උබ මගේ මුණේ පෙරහැරක් යනවද බලන් ඉන්නෙ.” ඒ අයිය රැවුල වවා ගත්ත මුනෙන්  රකුසු මුණක් මවාගෙන මගෙන් ඇහුවා.

         “ අනේ... අයියේ .........”

         “අයියා.????  කවද්ද බොල මං උබේ අයිය වුනේ.”

          “සමාවෙන්න ජේෂ්ඨ උත්තමය”

          “හ්ම්ම්ම්”

          “මචං ගැජට් උබට පේනවද අර කිරි කෑල්ලක් ඉන්නවා අතන” කව්ද මන්දා තව ජේෂ්ඨයෙක් ඇවිත් ඒ අයියට කිව්වා.

         “කෝ... බං “

         “අර කොම්බා පැණි හල හල ඉන්නෙ බං.ඔන්න උබට ගොඩ යන්න හොද චාන්ස් එකක් මචෝ.”

          “ඔය සුදට යටින් කොච්චර කළුද කියල අපි දන්නෙ කොහොම ද බං.”

          “මෙතන ඉදං පස්මහ බැළුම් බලන් නැතුව වරෙනකො යන්න.” අනිත් ජේෂ්ඨයා ඒ අයියව ඇදගෙන ගියා.

          “උබ  අහුවෙයන්කෝ...... තව දවසක” ඒ අයිය යන ගමන් මට  අර රකුසු හඩින් කියාගෙන ගියා.

මං හෙමිහිට ඔළුව වනලා හා කියල,.ඒ අයිය යන දිහා බලාගෙන නිදහසේ හුස්ම ටිකක් ගත්තා. ඒ අයියත්, අනිත් අයියා එක්ක ටිකක් දුර ගිහින් හැරිලා බැලුවා. හැබැයි ඒ වෙලාවේ එයාගේ බැල්මේ  අර නපුරු පට තිබුනේ නෑ.


                                                                              
                                                                                                                                                    

                                                                    හමුවෙමු අයෙත් මේ අහස යටදී....

No comments:

Post a Comment