Tuesday, January 27, 2015

නුබ අහස වුනේ ඇයි



6 වන කොටස 

                 කොහෙද ඉන්නේ?” මම අමා එක්ක කඩේ ඉන්න කොට අහස් දුරකථන ඇමතුමක් දුන්නා.

                 මම එලියට ආවා අමා එක්ක ෆොටෝකොපි වගයක් ගන්න ඇයි?”

                 එහෙනම් යන ගමන් එන්න ගහ යටට මම ඉන්නවා

                 ඇයි? හදිස්සියක් ද?” වෙනදට එන්න කිව්වම මුකුත් අහන් නැතුව හා එනන්ම් කියන මම එහෙම ඇහුවා.
                 ප්‍රශ්ණයක් ප්‍රශ්ණයක් එන්නකො කියන්න. ඔයාගෙන් ඇඩ්වයිස් ටිකක් ගන්න ඕන  කිසි වෙනසක් නැතුව අහස් වෙනද වගේම මා එක්ක කථා කරා.

                   හම්ම්ම් ..... මම එන්නම්මම එහෙම කියල දුරකථන ඇමතුම විසන්දි කරා.
මම යන ගමන් අපි දෙන්න ගොඩක් වෙලාවට වාඩි වෙලා කියව කියව ඉන්න ගහ යටට ගියාම, අහස් හිනා වේවි ඉන්නවා.

                     මොකද  චම්ස් කා එක්කද අද තද වෙලා ඉන්නෙ?” මම ගිහින් ගහ යට තියෙන බංකුවෙන් වාඩි වුන ගමන් අහස් ඇහුවා.

                      දෙමටි එක්කමම ගත් කටටම බොරුවක් කිව්වා.

                       ඒ ළමයි හින්දම හොදයි ඉතිං

                       ඇයි මොකක්ද ප්‍රශ්නේ?” මම නොයිවසිලිවන්තව ඇහුවා.

                       සිකුරු

                       ඉතිං මොකෝ එයාට?” මම එක පාරටම ඇහුවා.

                       දැන් පැයක් තිස්සේ මා එක්ක ලහිරු ගැන කියෙව්වා

                       "ආ......... ඕකද කිව්වේ ?  මං දැක්කා...” මම මහා ලොකු දෙයක් හොයා ගත්ත පොඩි එකෙක් වගේ උද්දාමයෙන් කිව්වා.

                       මොනවද?”

                      ඔය දෙන්නා කියව කියව ඉන්නව

                      ඉතිං ඇයි කථා කරේ නැත්තෙ

                      මම මොකටද කාගෙවත් කථා වලට බාධා කරන්නෙ 

                       හ්ම්ම්ම්ම්ම්ම්අහසට කියන්න දෙයක් නැතිම වුනාම තමයි මෙහෙම කියන්නෙ කියල මේ මාස ගානට මම තේරුම් අරන් තිබුණේ.

                       මොකද්ද ප්‍රශ්නේ ඉතිං

                      ලහිරු , සිකුරුගේ වැරදී කියනවා, සිකුරු,ලහිරුගේ වැරදි කියනවා. මං දැන් නැහැ කව්ද හරි, කව්ද වැරදි කියලා

                      ඔයා කට පියාගෙන ඉන්න අහස් අන්තිමට ඒ දෙන්නම හොද වෙයි, ඔයා නරක් වෙයි. ඒ නිසා ඔයා ඔය තියෙන යාළුකම තියාගෙන කියන දේවල් අහන් ඉන්න මම මට හිතුන දේවල් මම බොරුවට කේන්ති ගත්ත දේවල් ගැන මටම හිනා වේවි කිව්වා.

                       ඔව් ඒක නම් ඇත්ත

අහස් ගැන මම එදා ඉදන් හිතන්න ගත්තා. ඒ ආදරවන්තයෙක් ගැන හිතන විදියට නම් නෙවෙයි, මට ලෙන්ගතු වුණ මගේම කෙනක් ගැන හිතනවා වගේ. මට අද වෙනකනුත් අපේ බැදීම ගැන හිතා ගන්න බැරි වුණා. මම වගේම අහසුත් මා ගැන හොයලා බලනව කියල මම දන්නවා. මේ දේවල් වලටද ආදරේ කියන්නෙ කියල මටත් අහන්න කෙනෙක් හිටියා නම්. මට එහෙම වේලාවට මේ දේවල් අහන්න මතක් වෙන අයියයි, අක්කයි වගේම යාළුවොත්  ගොඩක් ඉන්නවා. එත් මම කොහොමද මොකක් කියල ද මේවා අහන්නෙ කියල මට  හිතා ගන්න බැහැ. ඒ නිසා මම කවදා හරි මට ම තේරෙනක්ම් ඉන්නවා.

                                           


                                                                     හමුවෙමු අයෙත් මේ අහස යටදී
......

No comments:

Post a Comment