Thursday, January 22, 2015

නුබ අහස වුනේ ඇයි



4 වන කොටස

මාස තුන, හතරක් යන විට නිබන්දන ඉල්ලා ගැනිමට තරම් මා අහස් සමග කුළුපග වුණා. ඒ මාස තුන, හතරේදීම ඔහු මා සමග විශ්වවිද්‍යාලයේ දී වැඩිපුර කතා බහ නොකරාට පුරුද්දක් විදියට හැමදාම ෆේස්බුක් එකෙන් මාත් එක්ක වරු ගනන් චැට් කරා. මේ විදියට අහස්, අයියයි තාත්තයි ඇරුනම මගේ ලෝකේ මම ගොඩාක්ම විශ්වාස කරන පිරිමියා වුණා.විශ්වවිද්‍යාලෙ ඇතුලේ ඇරුනම මට ඉස්කෝලේ යන කාලේ වත් පිරිමි යාළුවෝ හිටියෙ නෑ. එත් විශ්වවිද්‍යාලෙ ඇතුලේ බමුණා,ලුලා,මැක්ක, බිල්ලාඩන්,ගජමෑන් මා එක්ක ගොඩක් කිට්ටුවෙන් ආශ්රේ කරපු  පිරිමි යාළුවෝ වුණා. ඒ යාළුකමට මහා ගොඩක් කල් නැති වුනාට කුප්පියක් දාලා නොදන්නා දේවල් කියා දෙන්න, විහිළුවක් කරලා හිනා වෙන්න, ඕනම වෙලාවක උදව්වක් කරන්න,කරදරයකදී ළගින් ඉන්න තරම් දුරට විහිදුනා.

දන්නෙම  නැතුව පළවන සෙමෙස්ට එකේ විභාගයත් ළගටම ආවා. මට ග්‍රීක් වගේ වුන ඕගනික් කෙමෙස්ට්‍රි අහස් එයාගෙම කැමැත්තෙන්  මට  කියා දෙන්න ආවා. 

                       “ඕගනික් නම් රිපීට් වෙයි මාව.” මම එහෙම කියා ගෙනම  පුස්තකාලයේ අහස් ඉස්සරහින් වාඩි වුණා.

                        “තව සති තුනක්ම තියෙන්නෙ අපි සී මයින් එකකට වත්  ට්‍රයි කරමුකො”
අහස් එහෙම කියල මට ඕගනික් කියා දෙන්න පටන් ගත්තා.

අහස්  රැග් කරන කාලෙ වගේ දැන් රැවුල වවලා,කොන්ඩේ වවාගෙන නෙවෙයි ඉන්නෙ. පිළිවෙලට රැවුල බාලා කොන්ඩේ පිරගෙන. එත් මම ආස මට මුලින්ම රැග් කරපු අහස් ට කියල මගේ  හිතේ කොහේදෝ ඉදන් කව්දෝ මන්දා කෙනෙක් කියනව මට ඇහුණා.


                                                  


                          “අහස්...” මම අහස් උගන්න උගන්න ඉන්න අතරෙ කථා කරා.

                          “ඔව් ප්‍රශ්ණ තියෙනවා නම් අහන්න.” අහස් අපේ ආචාර්යවරුන් වගේ  බැරෑරුම් ස්වරූපයකින් ඇහුවා.

                           “ප්‍රශ්ණයක් නම් තමයි. ඒ.......ත්.........” 

                            “ඇයි අද මම කියා දෙන ඒවා තේරෙන් නැද්ද?”

                            “ නෑ ... එහෙම දෙයක් නෙවෙයි.”

                            “එහෙනම්...  “
 
මම ටික වෙලාවක් පොත දිහා බලන් කල්පනා කරනවා වගේ හිටියා.

                            “අහන්න චම්ස් ඉක්මණට පරක්කු වෙනවා. ඔයාට තව පැයකින් සූ ලෙක්චර් එක. අපි අද මේ ටියුට් ඉවර කරන්න ඕනා ”

                               “ඔයා ඇයි රැවුල කැපුවෙ?”

                               “ඇයි...?” අහස්  රැවුල අතගාන ගමන් පුදුමයෙන් වගේ ඇහුවා.

                                “නිකන් අහුවෙ”

                                “ඔයාට නම් පිස්සු චම්ස්. මම හිතුවේ මේ මොකක් හරි වැදගත් ප්‍රශ්ණයක්  කියල” 

                                 “ඒක මට වැදගත් ප්‍රශ්ණයක් තමයි” මම එහෙම කියනකොට මම ආසම විදියට අහස්ගේ බොර පාට ඇස් ලස්සනට දිලිසුණා. 

                                   “ඇයි මෙහෙම හොද නැද්ද?” එයත් මං වගේම කම්මුල වම් අතට බර කරගෙන ඇහුවා.

                                    “නැහැ .... ඉස්සර රැග් කරන කාලෙ වගේ කිසි පිළිවෙළක් නැතුව තියෙන කොන්ඩෙයි, ඒ කාලෙ වගේ රැවුලයි තමයි ඔයාට ලස්ස්සන.” මම දවස් ගානක ඉදන් කියන්න හිතන් හිටපු දෙයක් අහස්ට කිව්වා.

                                      “ඔයා විතරමයි මට ඔහොම කිව්වේ” අහස් හිනා වෙන ගමන් කිව්වා
           
                                           

                                   

                                                                                               හමුවෙමු අයෙත් මේ අහස යටදී......

No comments:

Post a Comment