Sunday, January 25, 2015

නුබ අහස වුනේ ඇයි


5 වන කොටස


ගෙදර ගිහින් එන කොට ගේන මොනව හරි දෙයක් අහස් මට දෙන්නත්, මම අහසට දෙන්නත් අපි ඉබේටම පුරුදු වුණා. දවස පුරාම වුන දේවල් මම අහසට කියන්න පුරුදු වුණා. හැමදාම උදේට නැගිට්ටම ගුඩ් මෝනින් කියන්නත්, රෑට නිදාගන්න කළින් ගුඩ් නයිට් කියන්නත් අහස් පුරුදු වුණා. මේ විදියට අහස් මටත් මම අහසටත් මට නොදැනුවත්වම ලං වුණා. 

 බමුණා,ලුලා,මැක්ක,බිල්ලාඩන්,ගජමෑන්,වරලි, දෙමටි මා එක්ක එකට ඉන්න යාළුවෝ කට්ටිය.එයාලා නම් හැමදාම කියන්නෙබොරුව නොදා අපිට පාටියක් දියන්කියලා. එත් යාළුකමකුත් නොවන ආදරේකුත් නොවන අපි දෙන්න අතරේ තියෙන සම්බන්දෙට දෙන්න ඕනා නම මම හොයනවා.
                               
                                     

              

                          සොකරි........... සොකරි ................” දෙමටි මහා සද්දෙන් කෑ ගහගෙන මා ළගට දුවගෙන ආවා.

                                        මොකෝ බං මගේ කන් ඇහෙනවා

                                         අන්න උබේ අහස් මහ දවල් ඉර ඉන්නකොටම සිකුරු තරුවට ලං වෙලා

                                         මොකක් කියන එකක් තේරෙන්න කියහන්කෝමට දෙමටි කිව්ව දේ හොදටම  නොතේරුනත්, මට තේරුනා මේ කියන්නේ අහස් ගැන කියල.ඒ නිසයි මම නොතේරුනා වගේ අහුවෙ තව විස්තර දැන ගන්න.

                                           අහස්, සිකුරු එක්ක තෙල් බැම්ම උඩ ජෝඩු දාල ඉන්නවා

                                           ආආආ.......... ඕකද? ඉතිං මට  මොකද බංමගේ හිත එළියට නොපෙනෙන්න මම හිනා වෙලා කිව්වා.

                                            අහා........... ඔයත් දැක්කද මමත් දැක්කා දැන් ටිකකට කළින්.” ඒ වෙලේ ගජමෑන් කිව්වා.

                                             චමී අපි යමුද මේ නෝට්ස් ටික ෆොටෝකොපි කරන් එන්නඒ වෙලේ  අමා මට කතා කරා.

                                               මට බෑ අනේ......... අපි වෙන වෙලාවක යන්කො, මට කම්මැළි වගේ.”

                                                කටු මගෙන් උදෙත් ඉල්ලුවා අපි ඊයේ සල්ලි ඉල්ල ගත්තෙ. අද හවස ලෙක්චර් එකේදී වත් දෙමු.”

                                               උන්ට අපි ෆොටෝකොපි කරල දෙන්නත් ඕනා, ටිකක් පරක්කු වුනාමත් ඉල්ලනවා. ආයිත් ඕන කිව්වොත් මම නම් නෑ කියනවමට කේන්ති ගියෙ කා එක්කද කියල මට හිතා ගන්න බැරි වූණාට මම කේන්තියෙන් කියාගෙන කියාගෙන ගියා.

                                               උබ දන්නේවනේ බං උන්ගේ හැටි, ඔන්න ඕක ගහල ගෙනත් දියන් දැන් ඉතිංබමුණා කිව්වේ වරලි බය වෙලා වගේ මගේ මුණ දිහා බලා ඉන්නවා දැකල.
                                           යමන් යමන් මල වදේ

වරලි ටික දුරක් යන කම් මා එක්ක මුකුත්ම කථා නොකර ගියේ මට කේන්ති ගිහින් බව දැනුන නිසා.
                                            අපි ඇයි මේ පැත්තෙන් යන්නෙ අනිත් පැත්තෙන් යන්වරලි තෙල් බැම්ම පැත්තෙන් යන්න හදනේකොට මම කිව්වා.

                                            ඔයාට කේන්ති ගිහින් නෙවෙයි නේද ඉන්නෙ දැන්වරලි අහිංසකව ඇහුවා.

වරලි ඒ කියන්නෙ අමායා ඇත්තටම මම දැකපු අහිංසකම ළමයා. ඒ වගේම මාව හොදටම තේරුන් ගත්ත යාළුවෙක්. මිනිස්සුන්ට මෙච්චර අහිංසක වෙන්න පුළුවන්ද කියල මට හිතෙන තරමටම එයා අහිංසකයි.

                                             අමා මට කේන්ති ගියේ නෑ, ඊටත් ඔයා එක්ක මට කේන්ති යන්න ඔයා මට මුකුත් කරේ නැ නේ? මට අමා අහපු විදියට දුක හිතුණ නිසාම මම කිව්වා.

                                             ඔයාට මා එක්ක කේන්ති නොගියට ඔයා හැම කෙන්තියකම මගේ පිටින් නේ යවන්නේ

                                              අනේ අමා.................... එහෙම නෑ.........  ඔයා තරම් මාව දන්නෙ කෙනෙක් නෑ කැම්පස් එකේම, සොරි  සොරි............ ” මම අමාගේ අත තද කරලා අල්ලාගෙන කිව්වා.

                                               එහෙනම් අපි මේ පැත්තෙන්ම යමු චමී, ඔයා පෙන්නුවේ නැති වුනාට ඔයාටත් මේ පැත්තෙන් යන්න ඕනා  අමා මගේ අතත් අල්ලාගෙන තෙල් බැම්ම පැත්තට ගියා.

මට දැනුයි තේරුණේ අමාට ෆොටෝකොපි ගහන්න නෙවෙයි ඇත්තටම ඕන වුනේ කියල. මට අමා ගැන ඇති වුනේ පුදුමාකාර හැගීමක්.

                                             චමී... අහස් ඉන්නව සිකුරු එක්ක

                                              ඉතිං මට මොකද අමාමම ආයිත් අමාට බොරු කිව්වා.

                                              ඔයා තාමත් මට බොරු කියනව ද චමී.....”

                                              නෑ.... මම ඔයාට මුකුත් බොරුවක් කිව්වේ නෑ  මට මොකද අහස් කා එක්ක කථා කර කර හිටියත්? එයාට එපා කියන්න මට අයිතිවාසිකමක් නෑ

                                               අන්න ඒක තමයි ඔයා ඒ  අයිතිවාසිකම එයාගෙන් බලාපොරොත්තු වෙනවා චමී
                                                ආ යු මෑඩ් අමා?”

                                                නැහැ චමී මම කිව්ව් දේ පොඩ්ඩක් හිතල බලන්න ඔයා

                                               අමා මගේ හිතේ එහෙම දෙයක් නෑමම ඇත්තම කිව්වත් අමාට එයා ඒක විශ්වාස කරේ නෑ.

මට වත් තාම තේරුන් නෑ මේ හැගීම ආදරේ ද  කියල. එත් මට සිකුරු , අහස් එක්ක ඉන්නවා කිව්වම දුකක් ද කේන්තියක් ද කියල කියා ගන්න බැරි හැගීමක් ඇති වුණා. සිකුරු කියන්නෙ අහස්ලගේ ගෙවල් ළග අහස් මටත් වඩා හොදට අදුනන අපේ බැජ් එකේ ගෑණු ළමයෙක්.මම ම කල්පනා කරා  මම අහස් ට ආදරේ ද කියල, කවදාවත් ම අහස්  ඒ වගේ දෙයක් ගැන යාන්තම් වත් මට අගවලා නෑ. මටත් අහස් ගැන ඒ වගේ හැගීමක් නැහැ, එත් මට මාව තේරුම් ගන්න බැරුව ගියා.
                                           හමුවෙමු අයෙත් මේ අහස යටදී......

1 comment:


  1. යාළුකමකුත් නොවන ආදරේකුත් නොවන අපි දෙන්න අතරේ තියෙන සම්බන්දෙට දෙන්න ඕනා නම මම හොයනවා...... (Y)

    ReplyDelete