Saturday, December 26, 2015

සින්ඩරෙල්ලා

මගේ ඡීවිතයේ
ආදරය වන්නට
නුඹ එනවාද
ස්වයංවරයට
සින්ඩරෙල්ලා

                       

Tuesday, December 22, 2015

හුස්ම ගන්න නුබ ආයෙත්

පන ගැහෙන
මගේ හුස්ම
පිබිමි මම
නුබේ දෙතොලට
ආයෙත් හිනා වෙනවානම්
පෙරදා මෙන්

Tuesday, December 8, 2015

නූපන් පුතුට

බොද වුන නියෝන් එළි යට
මා හෙව්වා ඡීවිතය
උ‍ඹේ තාත්තගෙන්,
හරි අපූරැවට මං දැක්කා
කළු කරපු වීදුරැ අතරින්
කොළඹ ලස්සන,
මං මැව්වා මුදු හීන
තෙතබරිත ඇදුම් පිටින්ම
හීතලව ගිය
මගේ හිත
සැනෙකින් උණුසුම් වී ගියා
උඹේ ම ලේ දුවන ඒ පපුව මත දී,
පුතේ මට උඹව දුන්නා
තියාගන්නම
උඹේ තාත්තගෙන් මං හෙව්ව ආදරේට




Sunday, December 6, 2015

ආදරය

මටත් හොරෙන් නුඹ ව හොයන මගේ දෙනෙත්
මට නොදැනෙන්න
මා විමසන නු‍‍ඹේ නෙත්
අදත්,
මගකදී පැටළුනා
නුඹේ නෙත් කැළුම් අබියස
ලැඡ්ඡාවෙන් අහක බැලූ
මගේ නෙත්,
අපිට හොරෙන් දොඩමළුවන
අපේ නෙත්
මට නොතේරෙන
නුඹේ දෙනෙත් මට පවසන රහසද
ආදරය



        

Wednesday, December 2, 2015

සෙනෙහෙබර පැතුම නුඹ

දෙනෙත් පිරැන  හසරැල් අතර
මගේ සිහින සිත්තමි කල
නුඹේ සෙනෙහස් කවිය
අනන්තය  තෙක්
ඇවිද ගිය හීනයක
මගේ උත්තරීතර ප්‍රේමයේ
සෙනෙහෙබර පැතුම නුඹ
සද එළිය ඇති රැයක
මගේ දෑස් මත
නුඹේ දෑස් තබා
කෙදිරෑ නුඹේ ආදරය




Friday, November 27, 2015

දෙවෙන්දරෝ සං ට ආදරයෙන්

දෙවෙන්දරෝ සං ට ආදරයෙන්,

සකුරා මල් පලස් යටින්
සකේ බොන්න යන්න
නුඔත් එක්ක
හීන මවමි මං
කෝපි හල ළග බංකුවේ
තුරැළු වී පෙම් බස් දොඩන්නට
නුඔ එන්න
හැම කබොකි රැගුම් හලකම
දුක්බර කතාවක් රැගුවත්
අපේ කතාව
දුකක් නොවන්නට
මළවුන්ගේ අවුරැදු දා
නුඔ එනකන් මග බලමි


මං නුඹේ නොරිකෝ සං




             

Saturday, November 21, 2015

ජීවිතය



නා නා පුකාර රටා මවන
පංච විධි රස අතර
අතරමං වුන ලෝකයක
මම සොයමි ජීවිතය
හැල්මෙ දුවන මිනිසුන් අතරේ
හති වැටෙනකම් දුව ගොස්
මමත්
සොයාගතිමි
නොසෙල්වී මිට මොලවාගතිමි
අහෝ !!!
ඇගිලි අතරින් ගිලිහී වැටුනි
මටත් නොදැනීම
ජීවිතය





                                 

Sunday, October 25, 2015

නුඹ කදුළක් නමි

ඔයා අහස වගේ
මට තරැවක් වත් වෙන්න බැරි
ඔයා හුළග වගේ
මගේ සුසුමි එක්ක විතරක්
සංවාදයේ යෙදෙන
නුඹ කදුළක් නමි
මම ඇහිපිල්ලමක් යට තියා                           
නුඹ ව රැක ගනිමි
නුඹ සරා සද නමි
වළාකුළක් වෙලා
නුඹ ළග හිදිමි
ඔයා මගේ නෙවෙයි
කවදාවත්ම
ඒත් මට ආදරේ කරන්න තියෙන අයිතිය
අහිමි කරන්න එපා



                 

Monday, October 19, 2015

නුබෙ ආදරය


මුකුළිතව වු වසන්තයේ
නුබ සෙනේ මකරන්ද
විදගතිමි නොදොඩාම
ඇහි පිල්ලමක්වත් නොගසාම
තුරුළු වී නුබේ පපු පහසට
විද ගතිමි ආදරය
දසන්තය පුර විහිදෙන
සිනා හඩ
මසිත මුසපත් කරන
නුබෙ ආදරය,
දගකාර හීනයකි
මා මැව්ව නුබ එක්ක
අපි ගැන,
මල් පිපුන වසන්තයකි
තරු පිරුන අහසකි
මගේ ජිවිතය
දඟකාරකම් පාන
නුබ ළඟදි





Saturday, October 17, 2015

නුබේ සිත අතැ’ර



මගේ සංතුෂ්ටියේ මෙන්ම 
විඩාබර වේඳනාවේඳ
අයිතිකරුවා  නුඹ 
ඉතිං
මම 
නුබේ සිත අතැ
වෙන හිතක් ළග
හිනාවීම  කෙසේවෙතත්

අඩන්නේවත් කෙළෙසක



Thursday, October 8, 2015

නුඔ ම පතා මම එන්න ඇති


ගව් සුවහස් ගව් පියමැන
කල්ප සියයක් පෙරැමි පුරාගෙන
නුඔ ම පතා මම එන්න ඇති
උපදින උපදින හැම අත්භවයෙම
මගෙම වෙලා නුඔ ඉන්න ඇති
අතොරක් නොමැතිව
දොඩමළුවන නුඔ සමගින්
මගෙ දෑගිළි පැටලෙන්න ඇති
නෙත් කදුළින් පිරෙන හැම විටම
නුඔ දෑතින් පිසලන්න ඇති
උණුසුම සොයා නුඔ පපුතුරේ
මම සැතපී සැනසෙන්න ඇති
සසර පුරා හැම අත්භවයෙම
මා සමගින් නුඔ සිටිනු ඇති


                           








Saturday, July 11, 2015

ප්‍රේමය

                      
නුබේ
සෙනෙහස් දෙවොල අභියස
මම
ආදරයේ භාවනාව වඩමි
නුබේ නෙතු
මගේ නෙතු
සමග
සමාධි ගත වූ මොහොතක
මම දකිමි
ප්‍රේමයේ
උත්තරීතර වූ පිළිරුව
නුබේ දෙනෙතින්






Thursday, July 2, 2015

දේවතා එළියක්ව

දේවතා එළියක්ව
නුබ වැඩිය දා
මගේ හිත වෙත
නුබේ මනමාල ඇස් අතර
දගකාර නුබේ හිත ළග
මගේ හිත නැවතිලා............
පෙම් පාට හිනා ඉතිරිච්ච
ඔය හිත ළග 
මම නවතින්නම් හැමදාම
ආදරෙන්



                       


Wednesday, May 27, 2015

මගේ හිත

Format  කරලා
Restart කරපු
මගේ හිත
අදත්
ඔයා ලගදි
Stuck වෙනවා


                   

Wednesday, April 15, 2015

අපි ආයෙත් කතා කරමු


                                     
වසන්තයේ සුළං රැල්ලට
මැලවුණු ගස් වැල්
හිනා වෙයි අළුත් වී
රතු පාටට පිපුන 
එරබදු මල් නොදැක්කට
බක්මහ දීගෙට
හිරු කුමරා
ඇගිලි ගනිද්දී
මග හැරුණ හිනා මල්
ලජ්ජාවෙන් වගේ
මුකුළිත වෙලා
කියන්න
ඔයා දැක්කද ?
ඒ මුණු වල තියෙන
මනමාලකම
සිතිජ ඉමෙන් එහා
ඇවිද ගිහින්
නෑදෑකම් අලුත් කර ගන්න
ඔයත්  එනව නම්
මමත්  එන්නම්
අපි ආයෙත්
එදා වගේ කතා කරමු 

                                                       


Thursday, April 2, 2015

නුබට ආදරයෙන්


                                                
මනමාල වූ
නුබේ සිත ලගදි
ආදරයෙන් 
මල්වර වූ
මගේ සිත,
ආදරණීයව
හීන එකතු කරාපු
අපේ හිත්,
බවාග්‍රය තෙක්
එක්ව යන්න
සපත වූ 
නුබයි මමයි,
නුබේ ළග 
ආදරය විදින 
නුබට ආදරයෙන්
පුදමි මම 
මගේ ආදරය

                                                  


Sunday, March 1, 2015

නුබ අහස වුනේ ඇයි



20 වන කොටස
අවසාන කොටස

අප්පච්චි කියපු විදියට අහස්ගෙන්  මම  එයාගේ උපන් වෙලාව ඉල්ල ගත්තා. අහස්  මට  පොරොන්දු වුණා දවසක් මාව බලලා යන්න එනවා කියලත්. අහස් එහෙම පොරොන්දු වුනාට අන්තිමට අහස්ව බලන්න යන්න වුනේ මට.එත් වෙනදා වගේ හිනාවෙන එයාගේ බොර පාට ඇස් අද පියවිලා තිබුණා. මෙච්චර අඩන්න කදුළු කොහෙන් එනවද කියලා හිතෙන තරමට මම ඇඩුවා. ආයිත් අහස් මගේ ළගට එන්නෙ නැහැ කියලා හිතෙන කොට මටත් අහස් ළගටම යන්න හිතෙනවා, එත් මම වෙනුවෙන්  ජිවත් වෙන අම්මයි, අප්පච්චි වගේම කවදා හරි මේ ලෝකෙට එන ජිවිතයක් වෙනුවෙන් මම ජිවත් වෙන්න ඕනා නිසා, මම ඒ සිතුවිල්ල සිතුවිල්ලක්ම විතරක් කරා.

“පුද්ගලික ප්‍රශ්නයක් හේතුවෙන් ඇප මත නිදහස්ව සිටින අහස් ශෙහංස සමරවීර  නන්නාදුනන  තුවක්කු කරුවෙකුගේ වෙඩි පහරින් මිය ගොස් ඇත” වෙනදා වගේම අහස් ගැන මේ දෙයත් දැන ගත්තෙ ප්‍රවෘත්ති බලන කොට.මේ ලෝකේ මට කියලා තියෙන වටිනාම වස්තු ගොඩක් නැහැ ඒ තියෙන ඒවායින් වටිනාම දේ මගේ අහස්, ඈත  අහසෙ නිල් පාට තරුවක් වෙලා යන්න ගියා.

                                  


ජිවිතේ නවතින්නෙ නැතුව ඔහේ ගලාගෙන ගියා. මමත් ජිවත් වෙන්න ඕන නිසා ජිවත් වුණා. පස්සෙ මම ම හිත හදා ගත්තා අහස් මට මේ ලෝකෙ ඉතුරු කරලා ගිය ආදරයේ තිළිණය අපේ දුව ආශින්සනා වෙනුවෙන් හිනාවෙන්න.                      


 “මගේ ආදරේ එදා මුලින්ම කැම්පස් එකේදී ඔයාව දැකපු දවෙසේ වගේමයි, කිසිම වෙනසක් නැහැ චම්ස්. මට සමාවෙන්න මට ඔයාව රවට්ටන්න ඕන වුනේ නම් නැහැ.සමහරවිට අපි ආයෙත් මුණ නොගසේවි.එහෙම වුනොත් අපි වෙනුවට ඔයා අපේ දුව ආශින්සනා ව බලා ගන්න. එයාට කවදා හරි කියන්න මම එයාට ඔයාට තරම්ම ගොඩක් ආදරෙයි කිව්වා කියල. “ මාස ගානක් ගීහිල්ලා මේල් චෙක් කරාම තමයි මම දැක්කෙ අහස් මට එවලා තියෙන මේල් එක. එතකොටත් අහස් අපිව දාල ගිහිල්ලා.             
             
                            “දුවේ ඔහොම තමයි මට ඔයාගේ අප්පච්චිව හම්බ වෙලා අතර මගදී අත ඇරුනේ” ඔනායා අවූරුදු විස්සකට පස්සෙ එයාගෙයි අහස්ගෙයි දුව ආශින්සනා දිහා බලාගෙන දුවට දැන ගන්න ඕන වුන හැම දේම කිව්වා.
                             “අම්මා............”

                             “ඔව් දුව”

                             “අප්පච්චිට කව්ද වෙඩි තිබ්බේ ?”

                             “දන්නෙ නෑ දුවේ ඒ කාලේදීම ඒ ගැන හොයන ඒවා නතර වෙන්න ඇති”

                             “හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්..................” ආශින්සනා දිගු සුසුමක් වා තලයට  මුසු කරේ කෙදිනකවත් හැබැහින් දැක නැති වුවත් තමන්ට පිය සෙනෙහස දැනුන නිසා.

                             “සීයා අප්පච්චි පුදුමයි නේද අම්මා. කවදාවත් අම්මට වුන කිසිම දෙකට බැන්නෙවත් ගැහුවෙවත් නැහැ නේ?”දිගු නිහඩතාවයකින් පසු ආශින්සනා කටහඩ අවදි කරා.

                             “අප්පච්චි කෙනෙක් කියන්නෙ එහෙම කෙනෙක්ට තමයි දුවේ.”

                             “මටත් අප්පච්චි හිටියා නම්” ආශින්සනා ඈත අහස දිහා බලාගෙන කිව්වා.

                             “මට සමාවෙන්න දුවේ” ඔනායා ට ප්‍රථම වතාවට සිදු වූ දේ වල බරපතල දැනෙන්නට විය.

                             “ඔයා හෙට ඉදන් මගෙන් ඈතට යාවි. මම මගේ අම්මටයි, අප්පච්චිටයි  දුන්න දුක කවදාවත් ඔයා ඔයාගේ අම්මට නම් දෙන්න එපා දුවේ............ මේ ලෝකේ ඔයා නොදන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ හැම දේම හොයන්න යන්න එපා. හොයන්න ඕනා කියල හිතුන කෙනෙක්ගෙ දේවල් හොයන්නෙ නැතුව ඉන්නත් එපා. ඔයාව මම කවදාවත් නීති දාල හැදුවේ නැහැ. මට ඉස්සරහටත් එහම කරන්න ඕනා නැහැ.මම ඔයාගේ වයසේ ඉන්නකොට වඩා , ඔයාට දැන් මේ සමාජෙ ගැන ටිකක් හරි තේරෙනවනේ? එත් ලැබෙන නිදහස ඇතුලේ අසීමිතව ඉඩ හොයන්න එපා, හැම වෙලාවෙම සීමාවක් තියා ගන්න දුවේ. එහෙම නොවුනොත් කවදා හරි ඔයාගේ අම්මට වගේ ඔයාටත් ජිවිත කාලෙම විදවන්න වෙයි.“ ඔනායාට එදා තමන්ගේ අප්පච්චිට දැනුන හැගීම, බය තමන්ගේ දුව වෙනුවෙන් ඇති වුන නිසා ආශින්සනා ට කිව්වා.

                              “අම්මා  ඔයා අප්පච්චි එක්ක කෙන්තියෙන්ද කතා කරන්නෙ?”

                               “ඔයාට ලස්සන නිල් පාට ඇස් නැතුවට, ඔයාගේ අප්පච්චිගෙ වගේ බොර පාටට දිලිසෙන ලස්සන ඇස් වලින් මම ඔයාගේ අප්පච්චි දකිනවා දුවේ.ඔයාගේ අප්පච්චිට අදත් මම ඔයාට වඩා ආදරේ කරනවා. මේ ආදරේ කවදාවත් ඉවරයක් වෙන් නෑ “ ඔනායා කදුළු අතරින් සිනාසෙන ගමන් ආශින්සනා ව තුරුල් කරගෙන කිව්වා.

                                                               ආයෙමත් හමු නොවේවි මේ අහස යටදී........................