Sunday, March 1, 2015

නුබ අහස වුනේ ඇයි



20 වන කොටස
අවසාන කොටස

අප්පච්චි කියපු විදියට අහස්ගෙන්  මම  එයාගේ උපන් වෙලාව ඉල්ල ගත්තා. අහස්  මට  පොරොන්දු වුණා දවසක් මාව බලලා යන්න එනවා කියලත්. අහස් එහෙම පොරොන්දු වුනාට අන්තිමට අහස්ව බලන්න යන්න වුනේ මට.එත් වෙනදා වගේ හිනාවෙන එයාගේ බොර පාට ඇස් අද පියවිලා තිබුණා. මෙච්චර අඩන්න කදුළු කොහෙන් එනවද කියලා හිතෙන තරමට මම ඇඩුවා. ආයිත් අහස් මගේ ළගට එන්නෙ නැහැ කියලා හිතෙන කොට මටත් අහස් ළගටම යන්න හිතෙනවා, එත් මම වෙනුවෙන්  ජිවත් වෙන අම්මයි, අප්පච්චි වගේම කවදා හරි මේ ලෝකෙට එන ජිවිතයක් වෙනුවෙන් මම ජිවත් වෙන්න ඕනා නිසා, මම ඒ සිතුවිල්ල සිතුවිල්ලක්ම විතරක් කරා.

“පුද්ගලික ප්‍රශ්නයක් හේතුවෙන් ඇප මත නිදහස්ව සිටින අහස් ශෙහංස සමරවීර  නන්නාදුනන  තුවක්කු කරුවෙකුගේ වෙඩි පහරින් මිය ගොස් ඇත” වෙනදා වගේම අහස් ගැන මේ දෙයත් දැන ගත්තෙ ප්‍රවෘත්ති බලන කොට.මේ ලෝකේ මට කියලා තියෙන වටිනාම වස්තු ගොඩක් නැහැ ඒ තියෙන ඒවායින් වටිනාම දේ මගේ අහස්, ඈත  අහසෙ නිල් පාට තරුවක් වෙලා යන්න ගියා.

                                  


ජිවිතේ නවතින්නෙ නැතුව ඔහේ ගලාගෙන ගියා. මමත් ජිවත් වෙන්න ඕන නිසා ජිවත් වුණා. පස්සෙ මම ම හිත හදා ගත්තා අහස් මට මේ ලෝකෙ ඉතුරු කරලා ගිය ආදරයේ තිළිණය අපේ දුව ආශින්සනා වෙනුවෙන් හිනාවෙන්න.                      


 “මගේ ආදරේ එදා මුලින්ම කැම්පස් එකේදී ඔයාව දැකපු දවෙසේ වගේමයි, කිසිම වෙනසක් නැහැ චම්ස්. මට සමාවෙන්න මට ඔයාව රවට්ටන්න ඕන වුනේ නම් නැහැ.සමහරවිට අපි ආයෙත් මුණ නොගසේවි.එහෙම වුනොත් අපි වෙනුවට ඔයා අපේ දුව ආශින්සනා ව බලා ගන්න. එයාට කවදා හරි කියන්න මම එයාට ඔයාට තරම්ම ගොඩක් ආදරෙයි කිව්වා කියල. “ මාස ගානක් ගීහිල්ලා මේල් චෙක් කරාම තමයි මම දැක්කෙ අහස් මට එවලා තියෙන මේල් එක. එතකොටත් අහස් අපිව දාල ගිහිල්ලා.             
             
                            “දුවේ ඔහොම තමයි මට ඔයාගේ අප්පච්චිව හම්බ වෙලා අතර මගදී අත ඇරුනේ” ඔනායා අවූරුදු විස්සකට පස්සෙ එයාගෙයි අහස්ගෙයි දුව ආශින්සනා දිහා බලාගෙන දුවට දැන ගන්න ඕන වුන හැම දේම කිව්වා.
                             “අම්මා............”

                             “ඔව් දුව”

                             “අප්පච්චිට කව්ද වෙඩි තිබ්බේ ?”

                             “දන්නෙ නෑ දුවේ ඒ කාලේදීම ඒ ගැන හොයන ඒවා නතර වෙන්න ඇති”

                             “හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්..................” ආශින්සනා දිගු සුසුමක් වා තලයට  මුසු කරේ කෙදිනකවත් හැබැහින් දැක නැති වුවත් තමන්ට පිය සෙනෙහස දැනුන නිසා.

                             “සීයා අප්පච්චි පුදුමයි නේද අම්මා. කවදාවත් අම්මට වුන කිසිම දෙකට බැන්නෙවත් ගැහුවෙවත් නැහැ නේ?”දිගු නිහඩතාවයකින් පසු ආශින්සනා කටහඩ අවදි කරා.

                             “අප්පච්චි කෙනෙක් කියන්නෙ එහෙම කෙනෙක්ට තමයි දුවේ.”

                             “මටත් අප්පච්චි හිටියා නම්” ආශින්සනා ඈත අහස දිහා බලාගෙන කිව්වා.

                             “මට සමාවෙන්න දුවේ” ඔනායා ට ප්‍රථම වතාවට සිදු වූ දේ වල බරපතල දැනෙන්නට විය.

                             “ඔයා හෙට ඉදන් මගෙන් ඈතට යාවි. මම මගේ අම්මටයි, අප්පච්චිටයි  දුන්න දුක කවදාවත් ඔයා ඔයාගේ අම්මට නම් දෙන්න එපා දුවේ............ මේ ලෝකේ ඔයා නොදන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ හැම දේම හොයන්න යන්න එපා. හොයන්න ඕනා කියල හිතුන කෙනෙක්ගෙ දේවල් හොයන්නෙ නැතුව ඉන්නත් එපා. ඔයාව මම කවදාවත් නීති දාල හැදුවේ නැහැ. මට ඉස්සරහටත් එහම කරන්න ඕනා නැහැ.මම ඔයාගේ වයසේ ඉන්නකොට වඩා , ඔයාට දැන් මේ සමාජෙ ගැන ටිකක් හරි තේරෙනවනේ? එත් ලැබෙන නිදහස ඇතුලේ අසීමිතව ඉඩ හොයන්න එපා, හැම වෙලාවෙම සීමාවක් තියා ගන්න දුවේ. එහෙම නොවුනොත් කවදා හරි ඔයාගේ අම්මට වගේ ඔයාටත් ජිවිත කාලෙම විදවන්න වෙයි.“ ඔනායාට එදා තමන්ගේ අප්පච්චිට දැනුන හැගීම, බය තමන්ගේ දුව වෙනුවෙන් ඇති වුන නිසා ආශින්සනා ට කිව්වා.

                              “අම්මා  ඔයා අප්පච්චි එක්ක කෙන්තියෙන්ද කතා කරන්නෙ?”

                               “ඔයාට ලස්සන නිල් පාට ඇස් නැතුවට, ඔයාගේ අප්පච්චිගෙ වගේ බොර පාටට දිලිසෙන ලස්සන ඇස් වලින් මම ඔයාගේ අප්පච්චි දකිනවා දුවේ.ඔයාගේ අප්පච්චිට අදත් මම ඔයාට වඩා ආදරේ කරනවා. මේ ආදරේ කවදාවත් ඉවරයක් වෙන් නෑ “ ඔනායා කදුළු අතරින් සිනාසෙන ගමන් ආශින්සනා ව තුරුල් කරගෙන කිව්වා.

                                                               ආයෙමත් හමු නොවේවි මේ අහස යටදී........................