Sunday, March 27, 2016

මගේ ආදරේ


හිස් කොළයක් මත
සීරැවට අකුරැ කරාපු
මගේ ආදරේ
හරි ආදරණීයයි
කැටයම් දාලා රටාවකට ඇදපු
ඔයාගේ ආදරේට වඩා



Sunday, March 20, 2016

මාව මතක් වෙන්න එපා

මතු දවසක
මං වගේම ඇයත්
නුබේ අතේ එල්ලී ඇවිදිවි
එදාට ඔයාට
අතොරක් නැතිව කියව කියව
ඔයා ළගින්ම ඇවිදපු
මාව මතක් වෙන්න එපා
හැම වෙලේම
මාව මතක් වෙන්නෙ නෑ නේද දැන්
මට ආදරේ අඩු වෙලා නේද දැන්
කියල කරදර කරන
ඔයාටත් වඩා ඔයාට ආදරේ කරපු මාව
එදාට
ඔයාගෙ ඇස් ඉස්සරහ මැවෙන්න එපා


Friday, March 11, 2016

නුඹ සහ මම

නුඹ
සංස්ථානික සංසරනය වෙද්දි
මම
පුප්පුශීය සංසරනය
වුන අරැමය



Tuesday, March 8, 2016

හිතුවෙ නෑ කවදාවත්ම නුඹ දකින්නට ආයෙමත්

එදා වගේමයි ඔය හිනාව හරි මනමාලයි
කෙස් ගහක් දෙකක් සුදු වුනාට අතරින් පතර
තාමත් ඔයා එදා වගේම හරි ලස්සනයි
හිතුවෙ නෑ කවදාවත්ම නුඹ දකින්නට ආයෙමත්
තනිවම මේ බිත්ති හතරක් මැද්දෙදි,
නුඹ එක්ක මුල්ම ගමන් ගිය
පොඩි කෙල්ල නෙවෙයි අද මං
නුඹ නිසා දහසක් ගැරහුම් මැද
සිනාසෙන්න ට පාර සොයා ගොස්
අතරමං වුන ගැහැණියකි මං
ඒත්,
අදටත් නෑ නුඹ ගැන කිසි අහිතක්
සල්ලි එපා ඇවිත් නුඹ ඉස්සර වගේ
හෙමිහිට සිප ගන්න ඒ ඇති මට
හිතුවෙ නෑ කවදාවත්ම නුඹ දකින්නට ආයෙමත්









Saturday, March 5, 2016

මට ලෝබ සිතෙන්නට කළින්

මගේ හිත ළග මනමාළකම් කරන
මගේ නෙතු ළග හීන මවන
නුඹ යන්න,
මට ලෝබ සිතෙන්නට කළින්
මේ ආදරේ ගැන
නුඹ යන්න යළි නොඑන්නම
මට දුන්න ආදරණීය මතකයන් ඉතුරැ කර
මගේ කදුලුත් අරන්




Thursday, March 3, 2016

ඔයාගෙ හිත ළගින් විතරයි මං ආදරය ඇහින්දෙ

ගොඩක් කෙල්ලො එක්ක මං හිතේ හැටියට රවුන් ගැහුවා
ඒත් ඔයා ළගදි විතරයි මං ඔයාට ඕන විදියට ඇවිදන් ගියේ
හැම හිතක් ළගදිම මං ආදරවන්තයෙක් වුනාට,
ඔයාගෙ හිත ළගින් විතරයි මං ආදරය ඇහින්දෙ
හැම කෙල්ලෙක්ගෙම හීන මාළිගාවල අත්තිවාරම මං වුනාට,
ඔයාට විතරයි පුලුවන් වුනේ මගේ හීන මාළිගාවේ සැකැස්ම අදින්න
හැම කෙල්ලෙක්ම සීමා විරහිතව මට ආදරේ කරද්දි,
ඔයා විතරමයි මට සීමා රහිතව  ආදරේ කරන්නෙ
ඒ නිසාම ද මන්දා මගේ රස්තියාදුකාර හිත
ඔයාගෙ දගකාර හිතට මෙච්චර ආදරේ