Thursday, May 4, 2017

ආදරේ වැඩියෙන්ම තිබුණෙ

ආදරේ වැඩියෙන්ම තිබුණෙ
මං  කියවන ඔයා අහන් ඉන්න
වෙලාවල නෙවෙයි
කිසිම කතාවක් නැතුව
අපි අපේ මුණු දිහා බලන් හිටිය වෙලාවල

ආදරේ වැඩියෙන්ම දැනුනෙ
මෘදු සිපගැනීමකට එහා ගිය
හිත විනිවිද ගියපු
නුබේ ආදරණීය වචනවල

ආදරේ වැඩියෙන්ම ඕනවුනේ
කවුරුත් නැති
තනිවුනු වෙලාවක නෙවෙයි
දහසක් ඇස් අතර
තනියක් දැනුන වෙලාවලදි

ආදරේ වැඩියෙන්ම තිබුණෙ
ආදරෙයි කියල මුකුත්ම කියන් නැතුව
ඔයා මට ආදරේ නෑ කියල
මං බොරුවට තරහ වුනු දවසක

ආදරේ වැඩියෙන්ම ඕනවුනේ
දුරක ඉන්න වෙලාවට නෙවෙයි
ළගින්ම ඉන්න වෙලාවක
මගේ ඇස් මග ඇරල
ඔයා කියවද්දි

                                         

Tuesday, May 2, 2017

මං හිටියෙ මනමාලිය වෙන්න නුබේ ආදරේ

මං හිටියෙ මනමාලිය වෙන්න නුබේ ආදරේ
තැලි පිළි වලින් හැඩ වෙලා නුබේ වෙන්න
තුන් හිතකවත් තිබුනේ නෑ දීග යන්න වෙන හිතක් එක්කල
ආදරේ නම් අහන්න මගේ හිත අරන් යන්න
මට තවත් බෑ හිනාවෙන්න බොරුවට මාවම රවටන්න