“මං ආදරෙයි” මං කියද්දි එකම එක වචනයක් වත් නැතුව
බෝල ඇස් දෙක තවත් රවුන් කරලා ඔයා මං දිහා බලන්
හිටියා
“අනේ ඉතින් ආදරෙයි කියන්නකො එක පාරක්”
මං මූනත් ඇද කරගෙන කිව්වා
“හරි ඉතිං ආදරෙයි”
“ඔහොම නෙවෙයි ආදරෙන් කියන්න”
ඒත් මුකුත්ම නොකියා මා දිහා බලන් හිටිය ඔයාගෙ ඇස් දෙක ලස්සනට
දිලිසුනා
වචනෙකින්වත් නොකිව්වට
නුබේ දිළිසෙන නෙත් කෙවෙනි වලින්
හැම බැල්මකම
ඇත්තටම මං දැක්කා
මගේ නමින්
ඔයාගෙ ආදරේ,
ඉතිං
මා දනිමි
කියවන මගේ ආදරේට වැඩියෙන්
හිනාවෙන නුබේ ආදරේ
ලස්සනය
No comments:
Post a Comment