“ ඔයා තරු කුමාරයා වෙනවද ”
“ම්හු…….. මට බෑ
“
“ ඇයි ඒ ”
“ මට ගෙබි කුමාරය වෙන්න ඕනා ”
“ ඒ මොකෝ ඒ ”
“ මට ඕන නිසා ”
“ එහෙම බෑ මමයි මෙතන චරිත දෙන්නෙ හරිද?
”
“ මට බෑ එහෙනම් මට ගෙබි කුමාරයමයි වෙන්න
ඕන ”
“ හරි මං දෙන්නම් හේතුව කියන්න ගෙබි කුමාරයම
ඕන ”
“ ඇයි මෝඩ කෙල්ලෙ ඒකවත් තෙරෙන් නැද්ද”
“ තේරෙනව නම් අහන් නෑ නෙ මෝඩ කොල්ලො
”
“ ඔයා සුරංගනා කතා කියවල නෑ නේද
? ”
“ මං කියවල තියෙනවා…….”
“එතකොට ගෙබි කුමාරයා , කුමාරයෙක් වෙන්නෙ කොහොමද?”
“ කිස් එකක් දුන්නම නෙ? ”
“ දැන්වත් තේරුනාද මෝඩ කෙල්ලට ”
“ අහා........ තේරුනේ දැන් තමයි ගෙබි කුමාරයො……..
”
උත්තුංග
දේහදාරි පිරිමියෙක් නොව
උත්තුංග
පිරිමි හිතක්
පැතුවෙමි
මමත්
නුඹේ
කුරැලු ඇස් ළගදි
මට
මාවත් අමතක වෙද්දි
නුඹ
මටත් නොදන්වාම
උත්තම
පුරැෂ ප්‍රේමයක
මා පටලවාගත් අරැමය
No comments:
Post a Comment