Friday, May 27, 2016

ඔබ නෑ දුර යන්න

ඉර හෙම්බත් වුන
ඇදිරි සැදෑවක
පිණි පලසක් උඩ,
හිමිදිරි උදයක
පුන්සද මග හැර
තරැ පිරි රැයක
ඔබත් එක්ක දුර යන්න,
ඔබට අකීකරැ කෙහෙරැල් දග කර
සිහිනය අභියස දග කරන්නට
ඉමක් නොපෙනෙන සිතිඡ කෙලවර
ඔබත් එක්ක දොඩමලු වන්නට
ඔබත් එක්ක දුර යන්න,
දෝරෙ ගලා ගිය
අහම්බයක් වූ මහ වරැසාවක
අද මං විතරක් තනියම ඇවිදින
ඔබ නෑ දුර යන්න


                         



Friday, May 20, 2016

මගේ ප්‍රේමය නුඹය

 අනන්තය තෙක් දිව යන
සීමා විරහිත ප්‍රේමය
ප්‍රේමණීය මතකාවර්ඡණය
නුඹය,
දෙනෙත් සිබ
හද පත්ලටම කිදාබැස
ජීවිතය කියා දුන්
ආදරණීය ඇදුරැතුමා
නුඹය,
අනාරාදිතවම ආ
ප්‍රේමණීය වස්සානයක
උණුසුම් හාදුව
නුඹය,
සුනරැත් පැතුමක්
විශ්වාසයෙන්
අරැත් ගැන්වූ
මගේ ප්‍රේම
නුඹය,
සියොළග සියලු ප්‍රාන නාලිකා හරහා
ප්‍රහර්ශය මහෝගයක් වී
ගලා යද්දී
සහශ්‍ර පුකෝටි ගනනක්
ආත්මයන්
නුඹ සමග
එක්ව යන්නට
පැමිනෙන්නෙමි මම,
ඉතිං මගේ පෙම්වතානනි
කිසිදු පිලිවදනක් නොදොඩාම
මම විදිමි
නුඹේ ආදරය



                        



Sunday, May 15, 2016

High heels ජීව්තය

පාගා දැමුවේද
නන්නාදුනන
කුරා කුහුඹු ජීවිත
අගල් කිහිපයක්
උඩින් යන
උඹේ
High heels ජීව්තය


                      

Thursday, May 12, 2016

මධු බදුන

කට ළගටම පිරැන මධු බදුන
කට ළගදි නුඹේ රග අහවර වේද?
නැත
හැමදාටම මතක හිටින
කටකාරවන රහ වගේම
හිස බමන මත්ගතියත්

ඉතිරි විය



                           

Monday, May 9, 2016

තාත්තේ

 මං යනකොට හිනාවෙලා
හැමෝටම හොරෙන්
කදුළු පිහින
ආදරය
නුබය
කාටත් නොදැනෙන්න
රහසේම නින්දෙදි
මුණ දිහා බලන් හිද
හිස සිබින
දරු සෙනෙහස
නුබගේ ය
තාත්තේ



               

Tuesday, May 3, 2016

අවසානයක් හමුවන තුරැ

ප්‍රේමණීය නොවන
ආදරණීය කතාවක්
අපි පටන් ගමු ,
අතරමගදි නවත්තන්න නෙවෙයි
අවසානයක් හම්බවෙනකම්
මොන මොනව හරි කියවමු
හැම වෙලාවෙම ,
තොර තෝංචියක් නැතුව
මං කියවද්දි
හූමිටි තියන්න බැරි නම්
ඔලුව හරි වනන්න කමක් නෑ,
ඇස් ලොකු කරල
රටා මව මව
මාත් එක්ක හරි හරියට
ඔයත් කියවද්දි
ඔයාගෙ ඇස් වලට එබීගෙන
මාත් අහගෙන ඉන්නම්