Friday, April 29, 2016

ඔයා එනවද

ඈත කදු මුදුන් සිප එන මද සුළගට කලින්
ඔයාව සිප ගන්න
වැවේ පීනන මාලුන්ට ඇහෙන්න
උන්ට කට කතා කියන්න
ඔයාගෙ උරහිසට මූණ හේත්තු කරගෙන
ඔයාගෙ කතා කරන ඇස් දිහා බලන් ඉන්න
වළාකුලු බැම්ම ළගට වෙලා
මාළිගාවේ තේවාව අහන් ඉන්න
රෝස පාට නෙලුම් මලක් පූජා කරල
දෙන්නම එකට ප්‍රාර්ථනාවක් කරන්න
ආයෙත් දවසක ඔයා එනවද?


                                    

Monday, April 25, 2016

මතු භවයක හමු වෙමු

අවසානයක් නැති
ප්‍රේම වෘත්තාන්තයක්
මමත්
ඔබත්
විලම්බීතව
රගෝරයෙන්
වික්ශිප්තව
විසංවේදීව
ලිව්වෙමු ,
නමුදු
අවසානයක් සොයන්නට
මමත්
ඔබත්
උත්සහ නොගෙත්තෙමු ,
අපේ ප්‍රේමණීය කතිකාවතේ
අපේ  එක්වීම පමනක්ම
මිරිගුවක් විය
ඉතිං.................
මගේ උත්තරීතර ප්‍රේමයේ
නොයිවසිලිමත් හිමිකරැවාණනි ,
නිම් නොවන ප්‍රේමයෙන්
මතු භවයක හමු වෙමු

                                 

Friday, April 22, 2016

අනේ අම්මේ මට බෑ ආයිත් campus යන්නට

Exam,presentation,assignment          කරන්නට
උදේ ට සම්බෝලයි පරිප්පුයි                   කන්නට
දවාලට මදි නෙකියා බඩ නොපිරැනත්      කන්නට
අනේ අම්මේ මට බෑ  ආයිත් campus        යන්නට


Canteen බත දිව බොජුනක් මෙන්        දැනේවා
මං හදාගන්න තේ එක අමෘතය වගේ        වේවා
මගෙ රෑමියොන්ගේ ගුහයා හොද              වේවා
මට පාඩමක් කර ගන්නට                      හිතේවා



                   

Monday, April 18, 2016

මනමාලයා


හදහනුත් ගැලපෙනවා
උඩරට අපේ කුලේමයි
අම්ම ඉහළින්ම කැමතියි
ගොඩ මඩ ඉඩකඩම් බර ගානක් තියෙනවලු
අත මිට හොදට සරැ සාර ඉලන්දාරියෙක්ලු
ගුණ යහපත්ලු
අපේ එකීට දුකක් නැතුව කාලා ඇදල ඉන්න පුලුවන්
අප්පච්චිත් එක පයින්ම කැමතියි
උපාධියක් තිබුනක්
රස්සාවක් හොයා ගන්න කොච්චර අමාරැයි ද
එහෙව් එකේ
බිස්නස් කරන එකත් හොදයි අද කාලේ හැටියට
අයියගෙ ගණිත සුතු වලටත්
මනමාලයා අහුවෙලා
ඉතිං,
බුලත් හෙප්පුවත් අරගෙන
රෝස පාට සාරියකින් හැඩ වෙලා
මුණත් බිමට හංගගෙන
මම මනමාලයව බලන්න ගියාට
මගේ හිත පුරාම හිටියෙ පහතරට නිසා
අපේ ගෙදරින් අමතක කරන්න කිව්ව මගේ ආදරය




Sunday, April 10, 2016

දුවේ


පැනල යන්න හදන තාත්තෙක්ට දාව
තාම අකුරැ ඇහිදින මාව අම්මෙක් කරගෙන
නුඹ ඇයිද
මගේ කුස යහනට වැඩියේ?


                             

Wednesday, April 6, 2016

නුබ

නුබ මගේ හීන වල සින්නක්කර අයිතිකරුවා නොව
ඒත්............
මගේ හැම හීනයකම මැවුම්කරුවා නුබය