Wednesday, October 5, 2016

සමනල වැව පුරවන්නට

ඔයා ඇයි මට කියන්නෙ නැත්තෙ ඔය කියවිල්ල නතර කර ගන්න කියලා
ඇයි දැන් මං එහෙම කියන්න ඕන
ඔයා ට කරදර නැද්ද මෙහෙම කියවනකොට, වැඩක් කර ගන්නත් බෑ නේ
ඇය මුහුණ ඇල කරමින් කී ආකාරයට මට ආදරේ සිතුනි.
ඔව්  මට කරදරයි නම් තමයි ඒත් මොනව කරන්නද ඉතිංමා එසේ කී විගසම ඇගේ මුහුණ අදුරැ විය.
ඇත්තටම කරදරයිද?
හරිනෙ දැන් ඕකනෙ අහගන්න ඕන වෙලා තිබුනෙ?
මං තරහයි
හාපෝ........ ලොකු දෙයක් එ‍තකොටවත් ඔය කට වහගෙන ඉදීවි නෙ?”
හිතාගෙන ඇති මං කතා නොකර ඉදීවි කියල නේද? ඉන්නවකො මං කරදරම කරනවා
ඇය ආයෙත් කියවන්නට පටන් ගනී. තොරතෝංචියක් නැතිව, හැම වෙලාවෙම කියවන ඇගේ කතාවට මං ආදරේය.නැවතිල්ලක් නැතිව දෙනත් වලින් පවා දොඩමලු වෙමින් කියවන ඇගේ කට රිදෙන්නේ නැද්ද කියා, විටෙක මට පුදුම සිතේ. සමහර විටෙක ඇගේ කතාව මට කරදරයකි , මන්ද මට මගේ ලොවෙහි නිදහසේ එක තත්පරයක්වත් තනි වන්නට ඇගේ ඒ කතාව මට ඉඩ නොදෙන නිසාය. නමුදු කිරිල්ලියක් මෙන් කියවන ඇයට මං ආදරේ කරමි.
එක මොහොතකදී කෙටිම කෙටි නිහඩතාවයක් ඇතිවු නිසා මා හිස ඔසවා ඈ දෙස බැලුවෙමි. ඈ දිලිසෙන ඇස් වලින් මා දෙස නෙත් නොපියා බලා සිටියි
මේ මොකද මේ, මොකෝ වුනේ එකපාරටම?
“මට ආදරේ හිතුනා“
“කාටද?“
“වෙන කාටද  ඔය මෝඩ කොල්ලට තමයි “
“ඒ මොකද ඒ එක පාරටම..............“
“මං දන් නෑ.............“
“ඒ වුනාට මම ආදරේ නෑ නෙ ඉතිං“
“කමක් නෑ මං ආදරෙයි නේ ඒ ඇති“
“ඒ ඇති ද?“
“නපුරා......  නපුරා............... ඔයා නරකයි“
මම ඇගේ මට හුරැපුරැදු මේ කතාවට කැමතිය. දවසට දෙතුන් වතාවක්ම ඇගේ මුවින් මේ වචන පිට නොවුනොත් එය පුදුමයකි.

මට ටෙඩී බෙයා කෙනෙක් ඇදල දෙනවද?”
ඒ මොකටද?” මා පුදුමයෙන් මෙන් ඇසුවේ, මේ තරම් වැඩ අතරතුර මේ කෙල්ලටත් හිතෙන දේවල් යැයි සිතමින්ය.
මට ඕන නිසාපුංචි කෙල්ලක් මෙන් හුරතලෙන් ඇය කියද්දී මට ඈ තුරැල් තර ගන්නට සිතුණි.
ඇදල දෙනවද? අනේ හා කියල කියන්නකෝ.......
අදම ඕනද?”
අද බෑ නේද? වැඩ ගොඩයි නේ අද ඔයාට
මං වෙන දවසක මේ වැඩ ටික ඉවර වුනාම  ඇදල දෙන්නම්, කමක් නෑ නේද
හා....... කමක් නෑ
තරහ නෑ නේද?
නෑ ඔයා පවු මේ දවස්වල වැඩ ගොඩයිනෙ ඔයාට “
මට ඈ ගැන දුක සිතුණි. එකම එක ටොෆියක් තරමකවත් යමක් මගෙන් ඉල්ලා නැති ඈ මගෙන් ඉල්ලූ එකම දෙය මේ ටෙඩී බෙයා පමණකි.නමුදු අද වන තුරැම මට ඇගේ ටෙඩී බෙයා ව ඇද දීමට නොහැකි විය.

සමනල වැව පුරවන්නට
බෙලිහුල් ඔය ගලා ඇවිත්
ආදර කදු තරනය කර
දෙහදක් අද වෙන්ව ගිහින්
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා //

පහන් තරැව පායා විත්
ඔබ එන බව පවසන විට //
සරසවියේ රෑනින් ඔබ ඉගිල ගිහිල්ලා
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා //

පෙර දින අප හමු වූ තැන නටබුන් පමණකි කදුලක//
කදු අ‍තරේ වළා රොදක ඔබ සැගවීලා
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා//

සමනල වැව පුරවන්නට
බෙලිහුල් ඔය ගලා ඇවිත්
ආදර කදු තරනය කර
දෙහදක් අද වෙන්ව ගිහින්
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා //



ගායනය : කරැණාරත්න දිවුල්ගනේ
පද රචනය : ඉන්දුසිරි සුරවීර
තනුව : කරැණාරත්න දිවුල්ගනේ



                                  

No comments:

Post a Comment