Sunday, October 23, 2016

වෙන්වෙමු අපි ඉතිං

හමුනොවුන තැනකදී ආයෙමත්
අපි හමුවෙමුද පෙර සේම
කදුලු පිසදා සිනාසෙමුද  සිත්සේ
අපි පෙර සේ,
දොඩමලු වෙමුද ආයෙත්
දෙනෙත් වලින් පවා,
මද පවනටත් රහසේ
මුව සිම්බ මතකයක
හිත රිදවන අතීතය
කඩා විසුරැවා ගගන තලය මත
දෑගිලි පටලා හිද
මොහොතක් පෙරසේ.............
වෙන්වෙමු අපි ඉතිං
හමු නොවන්නට කිසිදාක මේ සසරේ


            

No comments:

Post a Comment