7 වන
කොටස
“සුබ දහවලක්
ළමයා” දහවල් ආහාරයෙන් පසුව මා අහස් මා ලගට ආවෙ යෝගට් දෙකකුත්
අරගෙන.
“අද මොකද මේ ස්පෙශල්” මම වෙනදට වඩා පිළිවෙළක් ඇතුව
ඉන්න අහස් දිහා හොදට බලලා ඇහුවා.
“මුකුත් නෑ, නිකන් මට යෝගට් කන්න හිතුනා යෝගට්”
“හැමදාම ඔයාට මෙහෙම හිතෙනවා නම් ශෝක් නේ” මම යෝගට්
එක කන්න හදන ගමන් කිව්වා.
“චම්ස්......................”
“ඔව්........”
“ලේක්චස් නැද්ද අද හවසට?”
“තිබුනත් නෑ වගේ එකක් තියෙනවා ඇයි”
“ගමනක් යමුද”
“හා යමු දැන්ද යන්නෙ”
“ලෙක් එක කට් වෙනවා කමක් නැද්ද?”
“මේ මොකද මේ වෙනදටත් මෙහෙම
අහනවද?”
“කමක් නැත්තන් යමු”
“යමු ඉතිං දැන් මම බැහැ කිව්වේ නෑ නේ?”
“කොහෙද කියලවත් අහන් නැද්ද ඉතිං”
“අහස්....... ඔයා හොද සිහියෙන් නේද? අද උදේ මුකුත් සැර ජාතියක් බිව්වේ නෑ නේද?” ඕනවට
වඩා
ඩිසන්ට් වෙන්න
හදන
අහස්
ගෙන්
මම
ඇහුවා.
“නැහැ “
වෙනදට නම් අහස් “අද උදේට බොන්න අමතක වුණා” කියල කියන්නේ. අද වෙනදට වඩා වෙනස් කියල මට හිතුනට
මම මුකුත්ම කිව්වේ නැහැ.
අහස් මා එක්ක නුගේගොඩ හන්දියට ඇවිත් රෙදි කඩේකට ගිහින් ෂර්ට් තේරුවා. මමත් ඉතිං මේක හොදයි, මේ පාට හරි නෑ, මේ පාට ඔයාට මැච් වෙනවා කිය කියා එයාගේ පස්සෙන් ගියා. මේ විදියට මා ළග තිබුණ වතුර බෝතලේ බිබී, හවස් වෙනකම්
ම අපි දෙන්න නුගේගොඩ ම තියෙන කඩ වල ඇවිද්දා. එත් අහස් ගත්ත
ෂර්ට් එකක් නම් නෑ. මමත් මුකුත් කියන්නෙ නැතුව හවස් වෙනකම්ම
එයා එක්ක ඇවිද්දා. අන්තිමට හවස් වෙලා අපි දෙන්න විශ්වවිද්‍යාලයට අවා.
“ආ බොන්න “ අහස් මට සිසිල් බිම් බෝතලයක් දික් කරා.
“මට කඩවල් පෙන්නනද ගියෙ?” මම ඇහුවා.
“මහන්සිද?” අහස් මගේ මුණට එබී ගෙන ඇහුවා.
“පිස්සුද කිසි මහන්සියක් නෑ” මම කේන්තියෙන්
එහෙම කියල සිසිල් බිම් බෝතලේ උගුරට දෙකට බීව්වා.
“ ඇයි එහෙනම් මුකුත්ම නොකිව්වෙ ඒ වෙලාවේදී?”
“එන්නම් කියල ඇවිත් නහයෙන් අඩන පුරුද්දක් නැහැ මගේ”
“ආව නිසා හිටියා මිසක් ඔයා කරදර විදන්න වෙයි කියල හිතුවෙ නැද්ද?”
මම කේන්තියෙන් උත්තර දුන්නත් අහස් පුදුම සංයමයකින් මගෙන් ඇහුවා.
“ ආව නම් කරදර විදගෙන ඉන්නත් ඕනනෙ?”
“ඔයා හොදයි අනිත්
හැම කෙල්ලෙක්ටම වඩා”
“ඔයාට පිස්සු හැදිලද අහස් අද?”
“දෙයක් කියන්නම් “
“ආයිත් කොහෙවත් යන් කියල නම් කියන්න එපා”
“මා එක්ක හැමදාම යන්න එනවද?”
“කොහෙද? නුගේගොඩ කඩ බලන්නද?”
මම ඇහුවා.
“නැහැ ජිවිතේ ලස්සනද බලන්න”
“ මට ඔය රවුන් කරල කියන ඒවා තේරෙන් නෑ අහස් . කියන දෙයක් තේරෙන්න කෙළින් කියන්න.”
“අපි යන්” අහස් එහෙම කියාගෙන නැගිට්ටා.
“මට බෑ..... කියපු දේ කියල ඉවර කරලා
යන්න.” මම අහස් ගේ අතින් අල්ලන් කිව්වා.
“ඔයාට තේරෙන් නෑ නේ කිව්වට”
“ඒක තමයි තේරෙන්න
කියන්න කිව්වේ”
"මම කැමති ඔයා එක්ක ජිවිත එකට හැමදාම ඇවිදන් යන්න."
"ඇයි ගිනෙස් වාර්තාවක් තියන්නද?" ඇත්තටම අහස් මේ කියන්නෙ මොකක්ද කියල මට හරියට තේරුම් ගන්න බැරුව මම කිව්වා.
“මම ඔයාට ආදරෙයි “ අහස් මගේ ඇස් දිහාම
බලාගෙන කිව්වා. මම ඒ බොර පාට ඇස් වල කාන්තිය දරා
ගන්න බැරුව අහක බැලුවා. ටික වෙලාවකට අපි දෙන්නම ගොළු වුණා.
“ඔයාට ඕන තරම් කල්අරන් මට කියන්න තියෙන දේ කියන්න”
හැම දේටම කියන්න මොකක්ම හරි වචනයක් එන මගේ දිවට මේ වෙලාවේ කිසිම වචනයක්
අවේ නැහැ.
“අපි යමු”
එහෙම කියල අහස් වෙනද වගේම මාව බෝඩිම ලගට ගිහින්
ඇරලුවා. මම දහස් වරක් මගෙන්ම ඇහුවා මොකක්ද ආදරේ කියන්නෙ කියලා. මට අහස් ගැන හැගෙන සිතුවිල්ලට ද
ආදරේ කියන්නෙ කියල. ඒ හැම වෙලාවකදීම ආදරේ කියන්නෙ මොකක්ද කියල
මට කියා ගන්න බැරි වුණා.අහස් හැම වෙලේම මා එක්ක කතා කරාට, එයා ගැන හැම දේම මා එක්ක කිව්වට ඒකටද ආදරේ කියන්නෙ කියල මට තේරුම් ගන්න බැරි වුණා.
"අහස
පොළව
එකතු
කරන්නද
කල්පනාව"
දෙමටි
ඇහුවේ
මම
ඇද
උඩට
වෙලා
කල්පනා
කර
කර
ඉන්න
අතරෙ.
"අහසෙයි පොළවෙයි මොනව එකතු කරන්නද ආයිත්, මම දැක්ක අදත් දෙන්න එක්ක ජෝඩු දාලා ටවුන් එකේ ඇවිදිනවා" බට්ටි එහෙම කිව්වම මට හීනියට හිනාවක් ගියේ නොදැනුවත්වමයි.
"අම්මේ........ මේකිගෙ තියෙන මනමාල හිනාව"
මේ හැම දේම අහගෙන අමා මා දිහා බලාගෙන හිනා වේවි හිටියා.
මම
අමාවත් ඇදගෙන එළියට ගිහින් දවල් ඉදන් වුන හැම දේම කිව්වා.
හැම
දේම
අහන්
හිටියා
අමා "හොදට හිතල බලල, හොදට හොයලා තීරණයක් ගන්න චමි." කියල කිව්වා.
"අනේ අමා ඔයාගේ ඔය පණ්ඩිත කම් නම් මට තේරෙන් නෑ. අහස් හොදයිද නැද්ද කියල ඔයාට හිතෙන හැටියට මට කියන්නකො"
"පිටින් පේන මිනිස්සු නෙවෙයි ඇතුලෙන් ඉන්නේ"
"එහෙනම් ඉතිං මම හෙට උදේම අහස්ව කන්නම්"
අමා
මම
කිව්ව
දේට
හිනා
වුණා
මිසක්
මුකුත්ම
කිව්වේ
නෑ.
මේ වන තුරුම යොවුන් ආදරේ ගැන අංශු මාත්‍රයක වත් හැගීමක් ඇති නොවුනු මගේ
හිත ඇත්තටම අහස් ලගදි මල්වර වුණා.මගේ ආදරේ හෙට උදෑසනින්ම දොරට වඩින්න මමම නැකත් හැදුවා.
එත් රෑ පහන් වන තුරු වත් මගේ හිත මට කීකරු වුනේ නැහැ.පාන්දර දෙක වෙනකන්ම මට නින්ද ගියේ නෑ.මම හෙට උදේට අහස්ව මුණගැහෙන හැටි
හිතුවා, ඇදගෙන යන්න ඇදුමක් හිතුවා. මට පිස්සුද කියල හිතෙන තරමටම මම හිතුවා.
හමුවෙමු
අයෙත් මේ අහස යටදී......