Sunday, August 27, 2017

කට්ටි පැනපු හිතක්

කට්ටි පැනපු හිතක්
කුට්ටි කරලා
වෙන්දේසි දාද්දි
මං හිතුවා හරි
කවුරුත්ම ආවෙ නෑ
අඩුම ලංසුවකටවත්
සින්නක්කරෙටම ගන්න
බද්දට ඇරෙන්න



Thursday, August 24, 2017

නුඹ

නුඹ
දෑස් නොපියාම සිහිකළ හැකි
හිත පුරාම විදිය හැකි
ප්‍රේමයක් වූ විට
මම
හිත හදාගෙන කෙසේ හැර යන්නද

                

මග හැරුණු ප්‍රේමයක ප්‍රථම සහ අවසාන ප්‍රේම ගීතය


නුඹයි
මමයි
මමයි
නුඹයි
අපි දෙන්නම
ඉරට ගිනිතබා
සදෙන්
සිසිල පැතුවෙමු


             













Tuesday, August 22, 2017

මං වගේ වෙන කෙනෙක් නැතුව ඇති

නුබෙ ඇස් පතුළටම එබීගෙන
හැමදේම ගලප ගලප අහන
නිදහස තටු සලා ඉගිලෙද්දි
හැමතිස්සෙම නුබ ගැනම හොයන
ඔයා  ආදරේ නැති වෙලා මට  කිය කිය
ආදරෙන් අවනඩු කියන
මට එපා ඔයාව  ඕන දෙයක් කරගන්න කියලා
ඊළග මොහොතෙදිත් නුබවම හොයන
මං  වගේ වෙන කෙනෙක් නැතුව ඇති
මේ තරමට නුබට පෙම් කරන