Thursday, January 11, 2018

සමාවී අහන්න

මං දැනගෙන හිටියෙ නෑ
නුඹයි මමයි, අපි දෙන්නම
එක උරහිසක සැනනසිලා
එකම පපුවක නිදාගෙන
එකම හුස්මක පහස ලබලා
එකම හිතකට මැරෙනකන් පෙම් කරා කියල….

ඒත්,
මන් හිතුවෙම
ඒ හිතේ තනි අයිතිවාසිකම මං කියලයි
නොතේරෙනව නෙවෙයි මටත්
නුබත් එහෙම්මම හිතන්න ඇති

සමාවී අහන්න ……
සින්නක්කරවම
අපේ වූ ඔහුව
නුබේ කර ගන්න,
මං පැතුවේ ඔහුගෙන්
ආදරේ විතරක්මයි,
ඉතිං ……
ඒ දුන්න ආදරේ විතරක්ම
හොදටෝම ඇති මට
ජීවත් වෙන්න