Monday, February 29, 2016

නුඹය

අසීමාන්තික ප්‍රේමයේ
ප්‍රේමණීය කතිකාවත නුඹය,
උඩු හුළගට හමා යන
මල් මකරන්දයට හොරා
නුඹ මා ළග......
අලංකෘත වූ ආලිංගනයක
ආදරණීය නිමේශයක
මගේ හි‍තේ මල තුහින පිබිදවු
ආශ්චර්යමත් අයිතිකරැවා  
නුඹය



Saturday, February 27, 2016

ආදරේ

ඔයා මගේ හිතේ ලියපු ආදරේ
Syntax errors
නැති වුනාට
Compile error
එකක් තියෙනවා





Friday, February 19, 2016

පෙරුම් පුරමි මං

නුබේ මුදු ගැහුන කෙහෙරැල්
හිනාවෙන ඇස්
ගොඩ කාලේකට පස්සෙ
අදත්
මගේ ඇස් රිදෙව්වා
මන් මැව්ව හීන
නුබ නැතුව මගේ හිත ළඟ
අදත්
මගෙ හිත ගාව
තනි රකිද්දි,
නන්නාදුනන සේ හිනා වුනත්
මා ලඟ දි,
හරි ආදරණීයයි නුබේ හිනාව තවමත්
කල්ප ගානක්
පෙරුම් පිරුවෙ නැතුව ඇති
මං නුබේ වෙන්න
ඉතිං
කවදාක හෝ
නුබේ වෙන්නට
පෙරුම් පුරමි
මං


                              


Monday, February 15, 2016

නමක් නැති සම්බන්දෙ

මතක් වෙනකන් මග බලන් ඉන්න
ලබැදියාව,
හැම වෙලේම රණ්ඩුවෙන
සහෝදරකම,
පොඩිදේටත් හිත රිදෙන
ආදරණීය  බව,
මටත් වඩා මාව තේරැම් ගත්ත
මිතුරැකම,
නුබෙන් මා විදිමි
ඉතිං………
ඇවිත් යන්න ආව ඔයාගෙයි, මගෙයි
මේ නමක් නැති සම්බන්දෙට
දෙන්න පුලුවන් නමක් කියනවද?

*********************
ඔයා ට හැමදේම
දවසක තේරැම් ගන්න පුලුවන් වෙයි
මටත්,
මේ නමක් නැති සම්බන්දෙට
දෙන්න  නමක් හිතාගන්න බැහැ
මට තේරැම් ගන්නත් බැහැ
මෙහෙම වෙන්නෙ ඇයි කියලා ?









Tuesday, February 9, 2016

මහත්තයෝ

ජීවිතේ සල්ලි වලට ගන්න බෑ මහත්තයෝ
එත්,
ජිවත් වෙන්න සල්ලි ඕනෙ
එකයි මහත්තයෝ
කැමැත්තෙන් වගෙ පෙන්නුවට
මහ අකමැත්තකින්
මේ යහන උඩ මහත්තයා එක්ක සැතපෙන්නෙ
නැත්තන්…..
හයක් හතරක් නොතේරෙන මගේ කොලු පැටියවයි
බිබී හැමතැනම ඇවිදින මගේ මනුස්සයටයි
බොන්න වතුර පොදක්වත් නැති වෙනවා

                           

Saturday, February 6, 2016

කොහොම පෑහෙන්න ද ?


ඔයා ආදරේ කරන
හැම කෙල්ලෙක්ට ම වඩා
මම ඔයා ට ආදරේ බව
ඔයා දන්නවා,
ඒත්
මං ඔයා ට දීපු මගේ ආදරෙයි
ඔයා හොයන ආදරෙයි
අහසයි පොළවයි වගේ කියලා
මම වගේම
ඔයත් දන්නවා,
ඉතිං……..
අපි දෙන්නා කොහොම පෑහෙන්න ද?


                                  

Wednesday, February 3, 2016

ප්‍රේමයේ මළගම

කුටියක දොරගලු ලා වසා
මගේ මතකය සිර කොට,
මගේ ප්‍රේමය මළගම් ගිය වගයි
ඉතිං නුඹ,      
මතක වත්‍ර අරන් එන්න එපා
ප්‍රේමයේ මළගම ට