Saturday, July 30, 2016

නුඔ, නුඔ ම වී මගේ ආදරේ වෙන්න

නුඔ දෙවෙන්දරෝ සං නම් නොවන්න
මළවුන්ගෙ අවුරැදු දාට කළියෙන් කොහොමත් මං ඔයාව හොයාගෙන එන නිසා
නුඔ රාමා කෙනෙක් නොවන්න
මට සීතා වගේ රාවනා ළග හිත හදාගෙන ඉන්න බැරි නිසා
නුඔ රෝමියෝ කෙනෙක් නම් වෙන්න එපා
සීමා මායිම් බිදගෙන මං එනවට සැක නැති නිසා
නුඔ සාජහාන් කෙනෙක් නොවන්න
ටජ්මහලකට වඩා ආදරයක් මං නුඹෙන් පතන නිසා
නුඔ කෝවලන් කෙනෙක් නම් වෙන්න එපා
කන්නගීට වගේ නුඹ මාදවී ළගට යද්දි මට බලන් ඉන්න බැරි නිසා
නුඔ  දුයිෂෙන් කෙනෙක්  නොවන්න
අල්තිනායිට වගේ ආදරේ මතකයන් පොප්ලර් ගහකට දීලා මට යන්න බැරි නිසා
නුඔ සුගත් කෙනෙක් නොවන්න
කවදාවත් මගේ ආදරේ ඔයාව බේබද්දෙක් කරන්නෙ නැති නිසා
නුඔ සාළිය කෙනෙක් නම් නොවන්න
මං අශෝකමාලා වගේ ලස්සන නැති නිසා
නුඔ අක්බාර් කෙනෙක් නම් වෙන්න එපා
දවසින් දවසට සිරියහනෙ බිසෝවරැ මාරැ කරද්දි ජෝදට වගේ මට ඉවසන්න බැරි නිසා
ඒත්........................
නුඔ,
නුඔ ම වී මගේ ආදරේ වෙන්න
බවාගුය තෙක් හැමදාම මට නුඔටම විතරක් ආදරේ කරන්න පුලුවන් නිසා

                  

Sunday, July 10, 2016

මම මග බලමි නෙත් අභිමුව නුඹ මැවෙන තුරැ

උපජන්‍ය වූ ආදරණීය හැගීම්
උපචිත ව චිත්ත සන්තානයේ
මම බලා හිදිමි
නුඹව,
යළිදු  නෛමිශ ව හමුවන්න
අව්‍යහෘත කියුම් දහසකි
හමූවී කිව යුතු
අසකි චෝදනා ගොඩකි
නොදැක සිටි කාලයට
ඉතිං..............
නොතුස් ව කල් ගෙවමි
නෙත් අභිමුව නුඹ මැවෙන තුරැ
නෙත් පුරා නුඹ ව දැක ගන්න




Tuesday, July 5, 2016

සියලුම ගන්ධබ්බයින්ට කියනා වග නම්

ඇයි නුඹලාගෙන් එක් අයෙකුටවත්
තවමත් නොහැකි වුනේ
මාව අම්මෙක් හැටියට තෝර ගන්න