Wednesday, April 15, 2015

අපි ආයෙත් කතා කරමු


                                     
වසන්තයේ සුළං රැල්ලට
මැලවුණු ගස් වැල්
හිනා වෙයි අළුත් වී
රතු පාටට පිපුන 
එරබදු මල් නොදැක්කට
බක්මහ දීගෙට
හිරු කුමරා
ඇගිලි ගනිද්දී
මග හැරුණ හිනා මල්
ලජ්ජාවෙන් වගේ
මුකුළිත වෙලා
කියන්න
ඔයා දැක්කද ?
ඒ මුණු වල තියෙන
මනමාලකම
සිතිජ ඉමෙන් එහා
ඇවිද ගිහින්
නෑදෑකම් අලුත් කර ගන්න
ඔයත්  එනව නම්
මමත්  එන්නම්
අපි ආයෙත්
එදා වගේ කතා කරමු 

                                                       


Thursday, April 2, 2015

නුබට ආදරයෙන්


                                                
මනමාල වූ
නුබේ සිත ලගදි
ආදරයෙන් 
මල්වර වූ
මගේ සිත,
ආදරණීයව
හීන එකතු කරාපු
අපේ හිත්,
බවාග්‍රය තෙක්
එක්ව යන්න
සපත වූ 
නුබයි මමයි,
නුබේ ළග 
ආදරය විදින 
නුබට ආදරයෙන්
පුදමි මම 
මගේ ආදරය