Thursday, June 30, 2016

අම්මේ

පැන්සලකට හැකි නම්
නුඹේ ආදරය
කවියක් කරන්නට,
මටත් පුලුවන්
නුඹේ ආදරයට
මිලක් දෙන්න




                                 

Friday, June 24, 2016

මගේ පෙම්වතාණනි

සදට ඉරට මතකයන් දෙන්නට
මතකද ඔබ මා හමු වුනා
නිම් නොවන අනන්තය තෙක්‍
වෛදික වූ ජීවිතයේ,
කෙදිනක හෝ...............
මළ හිරැ බසින හැන්දෑවක
නුඹ සමග අවසන් ගමන් යන තුරැම,
මට අවැසිය නුඹව
මේ බවයේදී පමනක් නොව
මතු හැම බවයකදීම
නුඹේ උණුහුමේ සැතපෙන්නට
නුඹවම මට අවැසිය
මගේ පෙම්වතාණනි,
ලවන් හසකැන් ආදරයෙන් හැගුම්බර වෙද්දි
පෙම් සිනා මැද ජීවිතය විදින්නට,
අම්මෙක් වගේ ජීවිතය සනහන්නට
පතිනිය වි නුඹේ කැණි මඩල සරසන්නට
මගේ ආදරය ළග ඔයාගෙ ළමයින්ගෙ අම්ම වෙන්න
නෙතු නොපියාම මම හීන දකිමි
මගේ ප්‍රේමයේ උත්තරීතර හිමිකරැවාණි.............


                      

Saturday, June 18, 2016

රේඛනය කළ නුඹේ ආදරය

හර බර තුලනය නොවු
අවිනිශ්චිත ගිනුමක් විය නුඹ හැමදාම
බොල් ණයක් ලෙස කපා දැමීමට
අද වන තුරැත් මට නොහැකි වූ
අගරැ වු චෙක්පතක් වන් නුඹේ ආදරය

                                 

Monday, June 13, 2016

මගේ කෝවලන්

 හේතුවක් සොයන්නට
හෝ
පිළිවදනක් අසන්නට
අවැසි නැත මට
මා නුඹට දුන් ආදරේ
කෝවලන්
ප්‍රේමයේ පාරමිතාව පුරා
කප් සුවහස් කල් පෙරැම් පුරා
සසර පුරා මා නුඹේ වන්නට
පැතුවෙමි කෝවලන්
ඉතිං....................................
මගේ ආදරයේ කොතනද අඩුවක් වුනේ
නුඹ ට  ඇගෙන් ලැබුණාද ආදරය මට වඩා
හුස්ම පොදකින්වත් වෙනසක් නොකර
මං
නුඹටම පමණක්ම පෙම් කෙරැවෙමි
නුඹම පමණයි මගේ උත්තරීතර ප්‍රේමයේ
කියූ නුඹම,
ඇයි මගේ ආදරය ඇය ළගදි සැසදුවේ
මගේ කෝවලන්
අහස ගිගුම් දී හැඩුවත්
දසතින්ම සුළං හැමුවත්
යළි කිසිදු බවයක තියා මේ බවයේදීවත්
නුඹ හැර කිසිදු ප්‍රේමයක් නොපතමි මා
මගේ කෝවලන්

                                           

Sunday, June 5, 2016

මං නුඹෙන් අයිතියක් ඉල්ලමි

කොන්දේසි විරහිත ප්‍රේමයක
මං නුඹෙන් අයිතියක්  ඉල්ලමි
මන්ද,
හිත ලෝබ වි ඇත
නුඹ ව තවකෙකුට දීමට තරම් 
මා
අත්හැරීම ප්‍රගුන කොට නැති නිසා




                                          




Wednesday, June 1, 2016

Unlimited හීනයක්

Limited ලේබලයට යටත් වුන ජීවිතයක
මම
Unlimited හීනයක් දකිමි