Thursday, October 30, 2014

නුඹ එන්න ආදරෙන්

                                   
ඇසි දිසි මානයේ
නෙත් ඉම සරැළි නගන්නට
නුඹ එන්න ආදරෙන්
ඇහි පිල්ලමක් යට නතර වෙන්නට
සඳ එලියෙන් බබලන
කළුවර රෑ ආකාසේ
කළුවර රෑ ආකාසේ
එක තරුවක් දිහා බලන්
කියවන්නම් ඇති වෙනකම්
අහගෙන ඔබ ඉන්නවනම්
දෝරෙ ගලන නුඹෙ සෙනෙහස
මගෙ ඇස් දෙක ලඟ නතරව
පෙම් කවි කියනා යාමෙක
මං ආදරයෙන් ඉන්නම්

                           

Thursday, October 23, 2014

රහයි ජීවිතේ

         
හැල්මෙ දුවන
මේ ජීවිතෙන්
මොහොතකට නැවතිල
හිතන්න
රහයි ජීවිතේ






                                        

Monday, October 20, 2014

ඇවිත් යන්න එනවද ඔබ

                                         

මගේ නොවන  නුඹෙ සුවඳට
මගේ කියන්න
ඉගි කරන නෙත් කැලුම්
ඳග කරන හඳවතින්
තව එක මොහොතක්
මගේ කියන්න
ඇවිත් යන්න එනවඳ ඔබ
තව එක දවසක්

නෙත් අද්දර හැමට හොරෙන්
ආලිංගන පෑවේ ඔබ
අහසේ ගෑවෙන තරමට
හීන එකතු කරාපු ඔබ
ඇවිත් යන්න එනවඳ 
තව එක දවසක්

සුසුම් රටා පැටලුන
ඔබත් මමත්
හමුවී වෙන්වුන
සයුරු මායිමේ
තව එක මොහොතක්
ඔබ මගේ කියන්න
ඇවිත් යන්න එනවඳ 

තව එක දවසක්


                                           
උඩු සුළඟට හමායන
මහද සිතුවිලි
පද බැදුණු
කවිකාර සුළඟට ඇරයුම්...