Sunday, June 17, 2018



 අපි වැස්සට යන්වහින්න කළින් යන් යන් කියලා බැරිම තැනහා එහෙනම් ඉමුකියලා මූන එල්ලන් ඉන්න නපුරු කුමාරයගෙ මූනට එබිලා මං කිව්වා.
වැස්ස වැඩි වෙනකන් මෙතන කෝලන් කර කර ඉදලා, දැන් එනව තෙමෙන්න යන්න අහන්නමං හිතුවා වගේම උත්තරයක් හම්බුනේ. එහෙම කියලා මං  ඕවට සැලෙයිද? නෑ…….
හ්ම්ම්ම්ම්…………..”  මං කිව්වා.
එතන ඉදලා අපි දෙන්නගෙ කිසිම කතාවක් නෑ හැබැයි මගේ නපුරු කුමාරයට වැඩිය තරහ ගිහින් නෑ කියල නම් මට තේරුනා.මාත් ඉතිං කුඩෙන් බේරෙන වතුර බිංදු එක්ක ඔහේ හිටියා.
මේ හොල්මන
හ්ම්ම්ම්ම්
මොකෝ…. රේඩියෝ එක වහල
බැටරි බැහැලා
චාජ් කරන්න මොනවද දන්නෑ කරන්න ඕන
කරන්ට් එකට ගහන්න
ඇත්තට, ඉන්නවකො එහෙනම් එහෙම කියල කටත් උල් කරගෙන මේ බංකුවටම වෙලා වහින වෙලාවට වැහි බිංදු වැටෙන හැටි බලන් හිටිය අද වගේ දවසක,

දන්නවද ඔයා මගෙන් ඇහුවා මං ඔයාට ආදරෙයි, අපි බදිමුද කියල
එදා, හිත හීනියට රිදෙන්න ගත්තා, ඒ දුකට නෙවෙයි සතුටට. මං හීනෙන් පවා දැක්ක මගේ ගෙඹි කුමාරයා එයා හැබැහින් මගේ ඇස් ඉස්සරහ, ඉතිං හිතන්න හිත කොච්චර නම් සතුටින්ද?
මං බොරු ආඩම්බර කමට නෙවෙයි මුකුත් නොකියා හිටියෙ, මට කියන්න  මුකුත් මතක් වුනේ නැති නිසා.ඇත්තටම මට වචන ගලපගන්න බැරි වුනා. 
අවුරුදු පහකට පස්සේ අදත් එදා වගේ මහ හයියෙන් වහිනවා. මමත් එදා වගේම පඩිය උඩට වෙලා නහය උල් කර ගෙන වහින වෙලාවට එන බිම් සුවඳ ඉව කර කර ඉන්නවා. මුන හේත්තු කරගන්න ඔයාගෙ උරහිස නැතුවම,මං දන්නවා ඔයාටත් මේ වැස්ස මේ විදිහටම වහිනව ඇති, මාව මතක් වෙනවද ?
…………………………………………………………………………………………………………

අපි අයිස්ක්රීම් කමුකෝ….  අනේ මොකක්ද රැවුලෝ….”
ඇයි දැන් තනියම චොකලට් එකකුත් කෑවේ, මට බෑ
ඇයි ඊයෙ මට කිව්වෙ අයිස්ක්රීම් අරන් දෙන්නම් කියල.චොකලට් එකක් විතරක් දීල බේරෙන්න නේද හැදුවේ? 
බෑබෑ… “
ඇයි ඒ
මේ පෙරේතී මාව විකුණගෙන කයි මෙහෙම ගියොත් නම්
අපෝ….මට එපා ඔයාගෙ, සල්ලි මං කිව්වෙ අපි කමු කියල විතරනෙ
සල්ලි දෙන්නෙ බාප්පද?”
නෑ…. බාප්පගෙ අයියා, අපේ තාත්තා, දැන්වත් එනවද වදේ?  
 ටිකක් ඉන්නවකො දගලන් නැතුවඅතින් ඇද ඇද කරදර කරන මාව තුරුල් කරන් මගේ ඔලුවට උඩින් නිකට තියාගෙන කිව්වා.
දගරයො
මොකා….”
දගරයා,ඇයි?”
තව ටික දවසකින් මොකා මොකා කියල මට කතා කරයිද දන් නෑ?”
ඒවා කියන්න බෑ මහත්තයො, සමහර විට ලබන මාසේ වෙනකොට මං කියයි දූලගේ තාත්තේ කියල
මොකක් ලබන මාසේ, ඒකත් නරකම නෑදුබුරු ඇස් රවුන් කරලා ඔයා ඇහුවා.
 ඊටත් පස්සෙ කියයි ඒයි මේ ගේ අතුගානවා
මේ දන්නෙවද නෝනා,ඔයාගේ දූලගේ තාත්තා එක්ක ඕවා ඔට්ටු නෑහරිදමගේ කන මිරිකලා ඔයා ඒහෙම කිව්වේ මීට අවුරුදු හතරකට කලින් මේ පඩිය උඩ ඉඳගෙන.
……………………………………………………………………………………………………………
මේ මොනවද මේ බෑග් එකේ මං බලන්නදමගේ වෙනදට ගේන බෑග් එකට අමතරව තිබ්බ අනිත් බෑග් එක පෙන්නල ඔයා ඇහුවේ පොඩි එකෙක් වගේ.
හෝවු…. හොවු…. ඉන්න හදිසි වෙන්න එපා,ස්ටෙප් බයි ස්ටෙප්
ඕන එක්ක ඉක්මනටඉවසිල්ලක් නැතුව දිලිසෙන ඔයාගේ ඇස් එදා හැමදාටම වඩා මං ලස්සනට දැක්කා. ඉතින් මගේ පිටපතින්  පිට ගිහින් මං ඔයාගේ  කම්මුලක් ඉම්බා.
මුල්ම ස්ටෙප් එක නම් නරකම නෑ….. දැන් අපි යන් නේද දෙවනි පියවරට දගරිච්චි.හැබැයි මට පොඩි බයක් තියෙනව අද මගේ කුමර බඹසර කැඩෙයිද කියලා
අනේවැඩේමයි මට …… මොනා කරන්නද ඉතින් එහෙනම් ඕන නෑ, අපි යන් මොනව හරි කන්න
පෙරේතී…”
බඩජාරි ගෙම්බා
නව් සෙකන්ඩ්   ස්ටෙප්……..”
නෑඕන් නෑ…. මං වෙන කාට හරී දෙනව මේවාමං බෑග් එකත් අරන් නැගිටින්න හදන ගමන් කිව්වා.
කවුරු බලන්නද නංගි ඔයාගේ මේ විකාර , පුලුවන් කමකට මං ඉන්නව නෙවෙයි නෙ ඉතිං.   
හිතේ ඇති අපිත් පුලුවන් කමට ඉන්නවා කියල මං යනෝ යන්නවාඩි වී සිටි පඩියෙන්නැගිටලා  මං කිව්ව.
අනේ දෙවියනි, මේ ගැත්තාට අනුකම්පාකර,අවුරුදු තුනකට පසුවවත්, මේ දගරිච්චීගෙන් මා මුදවා ගත්තාට තුති
නපුරාහිතේ ඇති නේ යයි කියලා. පිස්සුද හලෝමරුනත් පස්සෙන් එනවා මං හරිද?” නැගිටල හිටිය මං    ආයිත් ඔයාගෙ ඇගට පැනලා තුරුල් වෙලා කිව්වා
ආදරෙයි මං මං ඔයාගෙන් අහන්න ආසම,ඔයා කියන්නෙම නැති වචන දෙක. ඔව් ඒ මීට අවුරුදු තුනකට කලින් අද වගේම දවාලක.   
…………………………………………………………………………………………………………….
අපි කොහේ හරි යවා කිව්වා නේද අදමං ටිකක් විතර පරක්කු වෙලා ඇවිත් හැමදාම පුරුදු පඩිය උඩට වෙලා නපුරු කමින් මූන පුම්බන් ඉන්න නපුරු කුමාරයගෙන් ඇහුවා. ම්හූකිසි සද්දයක් නෑ. මාත් ඉතින් බොරුවට දුක හිතෙන මූනක් හදාගෙන නපුරගෙ එහා පැත්තෙන් ගෑවෙන්න නොගෑවෙන්න වාඩි වුනා.
දැන් මං පැයක් වෙනවා මෙතන
මොනවද කරේ එච්චර වෙලා
ලවු කරා
තනියමද? හා නෑ නෑ මීට අවුරුදු හතරකට කලින් අපි හම්බුන  දවස ගැන හිත හිත හිටිය නේද? එදා ශෝයි නෙද? අදත් එහෙම වැස්සනම්, මං ආසයි.ඔයා එදා තද නිල් පාට ශර්ට් එකක් ඇදල හිටියෙ, කොන්ඩෙ මීට වඩා ලස්සනට තිබ්බා. රැවුලත් ලස්සන්ට වවාගෙන හිටියේමං අනවසරයෙන්ම උරහිසට කම්මුල හේත්තු කරගෙන කියෙව්වා.
ඔයාගෙ ඇස් එදා දිලිසුනා, ඔයාට ඇස්පිල්ලම් ගහන්නත් අමතක වුනා. ඔයා හරියටම  විනාඩ් දෙකක් කතා කර ගන්න බැරුව මා දිහා බලාගෙන හිටියා කෝලම
 මං  හැමදාම හිතුවෙ ඔයාට අද දවස මතක් වෙන්නෙ මං  මතක් කරොත් විතරයි කියල  නොදැන වුනත් නැති වෙයි කියල බයක් හිතට දැනුන නිසා, මං  ඔයාව තද කරල බදා ගත්තා. ඔයාට මතකද ඒ මීට අවුරුදු දෙකකට කලින්.
…………………………………………………………………………………………………………..
ආදරෙයි ගොඩාරියක්වෙනදා වගේම මං ඔයාගෙ අත් ගොබේට මූන තියාගෙන කිව්වා.ඒත් මට තේරුනා වෙනදට ඉන්න මගේ ගෙඹි කුමාරයා නෙවෙයි එදා හිටියේ.
….” මං සති ගානක ඉදන් ලෑස්ති කරගෙන හිටපු තෑගි ටික ඔයාට දුන්නෙ ඔයාගෙන් කිසිම කතාවක් නැති නිසා.
මොනවද?”
මොනවද? අහන්නෙ තෑගී
මටද
නෑ…. “
එහෙනම්
ඇයි ඔහොම තරහින් , මං මුකුත් කරාද?”  මං ඒ වෙලේ හැඟීමතක් කියව ගන්න අමාරු  ඔයාගේ ඇස් වලට බර වෙලා ඇහුවා.
මේක මටද?”ඔයත් වෙනසක් පෙන්නන් නැතුව ඉන්න හදමින් මට කිව්වා.අපිට අපි ලගදි කවදාවත් නොදැනුන ආගන්තුක කමක් දැනුනා නේද?
නෑමේක සුදු පුතාටනිල් පාට හා පැටියෙක්ව දීලා මං කිව්වා.
එතකොට මේක දූ පැටියටරිමෝට් කන්ට්රොල් කාර් එකක් දීල මං කිව්වා.
පිස්සුද?” කවදාවත් මං  දෙන කිසි දෙයක්, මුකුත්ම නොකියා ආසාවෙන් ගන්න ඔයා එහෙම ඇහුවම, මං මාස ගානක් අඩලා හදාගත්ත හිත හොදටම රිදුනා.
ඔවූඔයා තමයි වග කියන්න ඕනමුකුත් වෙනසක් නොපෙන්වාම මං හිනා වුනේ, මගේ හිත් රිදව ගන්න වෙයි කියන බයට.
 මේක ඔයාට…” රටාවකට ඔතාගෙන ආව තද නිල් පාට ශර්ට් එක ඔයාට දුන්නම ඔයා ගැස්සුනා නේද? ඔයාගේ ඇස් එදා වෙනද වගේ දිලිසුනෙත් නෑ ගෙඹි කුමරයො. ඒ අවසරයෙන් රහසේම ඉකි ගහපු කදුලු, ඔයාගෙ උරහිස තෙත් කරා.එත් ඔයා මුකුත්ම නොවුන වගේ දුරකතනය දිහා බලාගෙන හිටියා.
වැස්සක් පේන මානයකවත්  නැති හවසක අපි අන්තිමට හම්බුනා මතකද? මැරුනත් පස්සෙන් එනවා කියලා ඔය පපුවට තුරුල් වුන දඟරිච්චිගෙ ආදරෙ කොතන්ද අඩු වුනේ?

අමතකව ගිය මතකයක
හිත රවටන මායාවයි නුබේ දුඹුරු ඇස්,
හිත් හිරිවට්ටන හීන් කිතියක
ආමන්ත්රණයයි නුබේ අපිලිවෙල රැවුල් ගස්,
හීනයක දුර නොගිය
වේලිච්ච හිත් ඉමක
බොදවෙච්ච ඇස් අයිතිකාර
මගේ
ආදරයයි තවම
නුඹ