Thursday, November 23, 2017

මං තරම් පෙම් කලානම් නුබත්

මං දන්නවා
ගිණි ගහන මහ අව්වේ
මා එක්ක එක කුඩේ ගිය දවස්
අදත් නුඹට මතකෙට නැගෙනවා
මං නැතත් මතක් වී ඒ අතීතය
යටැසින් මල් පාර දෙස බලනවා

යලිත් එන් නැති දවස් වල අපි
තාම ප්‍රෙමය සොයනවා
මහ හුගක් සුසුමන් මතින්
තාම මමත් පුරුද්දට මඟ බලනවා
නුඹ දන්නවද
නුඹ මට දුන්න හිත තවම නොවෙනස්ව තියෙනවා

මං නැතුව අදත් මේ අහස යට නුබ තුටින් බැව් මා දන්නවා
අපි ගිය පාරේ තුරු ලතා වල මල් අදත් පිපෙනවා   
මං නැතත් ඇගේ කුඩේ ඉරේ රැස් මකනවා  
මං තරම් පෙම් කලානම් නුබත්
අනේ මට විටෙක හිතෙනවා


ඒ මගේ ආදරේ……. නුඹට අරුමෝසම් වැඩි කියු


දඟකාර කුරුල්ලෙකුට දාව
ඊරිසියාකාර කිරිල්ලියකට
ඉපදුණු ප්රේමයයි
ඒ මගේ ආදරේ

රටා මවමින් කෝලන් කරන
අතින් අදිමින් ඇවිටිලි කරන
ප්රේමයක් වීනම් මෙතෙකැයි කිව හැකි
නුඹ නමින් ඉපදුණු ප්රේමය
ඒ මගේ ආදරේ

දහසක් දඟකම් මැදින්
නේක විසිතුරු මැදින්
නුඹ නමින් ඉපදුණු ප්රේමය
ඒ මගේ ආදරේ
නුඹට අරුමෝසම් වැඩි කියු


Sunday, November 12, 2017

නුඹ

පාට පාට හීන අතරේ
මගේ
කළු සුදු හීනය
නුඹ


Monday, November 6, 2017

එපා මාව මතකෙට ගන්න

හිත රිද්දුවට සමාවෙන්න
කරපු තරවටු අමතක කරන්න
මතක් වුන දවසක අතීතේ
එපා මාව මතකෙට ගන්න
හුස්මකින්වත් වැරැද්දක් නොකරපු
මගේ ආදරේ විතරක්ම
හිතේ තියාගන්න
මං  යන්නම්
අයිතියක් නැති මේ හීනෙන්
නුඹ ඇහැරෙන්න කළින් 





Wednesday, October 11, 2017

හිනාවෙන නුබේ ආදරේ ලස්සනයි

“මං ආදරෙයි” මං කියද්දි  එකම එක වචනයක් වත් නැතුව
බෝල ඇස් දෙක තවත් රවුන් කරලා ඔයා මං   දිහා බලන් හිටියා
“අනේ ඉතින් ආදරෙයි කියන්නකො එක පාරක්”
මං   මූනත් ඇද කරගෙන කිව්වා
“හරි ඉතිං ආදරෙයි”  
“ඔහොම නෙවෙයි ආදරෙන් කියන්න”
ඒත් මුකුත්ම නොකියා මා දිහා බලන් හිටිය ඔයාගෙ ඇස් දෙක ලස්සනට දිලිසුනා


වචනෙකින්වත් නොකිව්වට
නුබේ දිළිසෙන නෙත් කෙවෙනි වලින්
හැම බැල්මකම
ඇත්තටම මං දැක්කා
මගේ නමින්
ඔයාගෙ ආදරේ,
ඉතිං
මා දනිමි
කියවන මගේ ආදරේට වැඩියෙන්
හිනාවෙන නුබේ ආදරේ
ලස්සනය






Tuesday, September 12, 2017

දුකක් ඇයි මට

ඉර එබෙන විට
අහස් ගඟ නිලට බැබලෙන උදයක
හඳ කීවාද අහස ගැන
ඉරට කවදාහරි රසකර

ඉර ගිලෙන විට සයුරු ඉම
පෑළදිග අහස ගැන
හිරු කියන විට රසකතා
සඳු ට හැකි වුනිද අසා ඉන්නට
කඳුළක් නෙතු ළඟ නොමතියා

නොකියාම කිසිත් ඒ ගැන
අසා සිටියා නම් සඳු
හිරු මුමුනන රසකතා
දුකක් ඇයි මට
නුඹ කියවන විට නුඹ ගැනම
කිසිත් නොවිමසාම මං   ගැන



Sunday, August 27, 2017

කට්ටි පැනපු හිතක්

කට්ටි පැනපු හිතක්
කුට්ටි කරලා
වෙන්දේසි දාද්දි
මං හිතුවා හරි
කවුරුත්ම ආවෙ නෑ
අඩුම ලංසුවකටවත්
සින්නක්කරෙටම ගන්න
බද්දට ඇරෙන්න



Thursday, August 24, 2017

නුඹ

නුඹ
දෑස් නොපියාම සිහිකළ හැකි
හිත පුරාම විදිය හැකි
ප්‍රේමයක් වූ විට
මම
හිත හදාගෙන කෙසේ හැර යන්නද

                

මග හැරුණු ප්‍රේමයක ප්‍රථම සහ අවසාන ප්‍රේම ගීතය


නුඹයි
මමයි
මමයි
නුඹයි
අපි දෙන්නම
ඉරට ගිනිතබා
සදෙන්
සිසිල පැතුවෙමු


             













Tuesday, August 22, 2017

මං වගේ වෙන කෙනෙක් නැතුව ඇති

නුබෙ ඇස් පතුළටම එබීගෙන
හැමදේම ගලප ගලප අහන
නිදහස තටු සලා ඉගිලෙද්දි
හැමතිස්සෙම නුබ ගැනම හොයන
ඔයා  ආදරේ නැති වෙලා මට  කිය කිය
ආදරෙන් අවනඩු කියන
මට එපා ඔයාව  ඕන දෙයක් කරගන්න කියලා
ඊළග මොහොතෙදිත් නුබවම හොයන
මං  වගේ වෙන කෙනෙක් නැතුව ඇති
මේ තරමට නුබට පෙම් කරන

           



Wednesday, June 21, 2017

අයාලෙ ගිය හිතක් තියෙනවා

අවාරෙත් මල් පිපෙන හින්දා
තුරු මුදුන් ආදරෙන් ඉපිළෙති
අයාලෙ ගිය හිතක් තියෙනවා
තරු ඇස් වලින් මග කියනවා නම්
දවාලේ වුනත් හීන මවයි
එ හිත
වැඩකට නැති දේකට තරහ වු විට 
ළගට වී සනසවයි නම්
ඉදීවි තුරුළු වී ,
නිමක් නැති දගකම් මැදින්
දෑත් පටලා යන්න එනවා නම්
සංසාරෙ කවදාකවත් හමු නොවී තිබුනත්
ඒවි යන්න ආත්ම හතම එකට
නුබේ හිත එක්කළ

                

Friday, June 16, 2017

හමුවන්නට සංසාරයේ කවමදාක හරි

 නුබත් හිතහදා ගනීවි
දවසක
මාත් හිත් හදා ගනීවි
එදාට,
කිසිවක් නොකියාම මගඇරුණු ප්‍රේමය ගැන
අපි ආයිත් මුනගැහෙමු
මේ වගේම පාළු හවසක
මුකුත්ම නොකියා අපි අපේ වෙමු
අපි එදාටත් වෙන් වෙලා යමු
අද වගේ නෙවෙයි
හමුනොවන්නට මේ ආත්මයේ කවදාකවත් ආයෙමත්
හමුවන්නට සංසාරයේ කවමදාක හරි




Monday, June 12, 2017

ආදරෙයි මං

මං දැක්කා
ඔයා නොකිව්ව ගොඩක් දේවල්
ඔයාගේ ඇස් දෙකෙන්
ඒත් අහන්න එපා
මං ඒවා කියෙව්වෙ කොහොමද කියලා
මං  ඒ ආදරේ කියෙව්වෙ
මගේ ඇස් දෙකෙන්
ආදරෙයි මං


Friday, June 2, 2017

හිත රිදුනත් නොරිදුනා වගේ ඉන්නවා

මට ඔච්චම් කරන
රළු සුළඟට කියමි
අකලටත්
මල් පූදිනවා


Thursday, June 1, 2017

ගෑණු හිත

විදවලා විදවලා
අන්තිමේදී ඉතුරුවෙන ගෑණුහිත
හරිම නිහඬයි
හැබැයි ඇයට
එකම එක කඳුළක්වත් නොහෙලාම
එක තත්පරයකදී සියළු බැඳීම්
අත්හැරිය හැක
පිරිමි එක දන්නවා


Thursday, May 4, 2017

ආදරේ වැඩියෙන්ම තිබුණෙ

ආදරේ වැඩියෙන්ම තිබුණෙ
මං  කියවන ඔයා අහන් ඉන්න
වෙලාවල නෙවෙයි
කිසිම කතාවක් නැතුව
අපි අපේ මුණු දිහා බලන් හිටිය වෙලාවල

ආදරේ වැඩියෙන්ම දැනුනෙ
මෘදු සිපගැනීමකට එහා ගිය
හිත විනිවිද ගියපු
නුබේ ආදරණීය වචනවල

ආදරේ වැඩියෙන්ම ඕනවුනේ
කවුරුත් නැති
තනිවුනු වෙලාවක නෙවෙයි
දහසක් ඇස් අතර
තනියක් දැනුන වෙලාවලදි

ආදරේ වැඩියෙන්ම තිබුණෙ
ආදරෙයි කියල මුකුත්ම කියන් නැතුව
ඔයා මට ආදරේ නෑ කියල
මං බොරුවට තරහ වුනු දවසක

ආදරේ වැඩියෙන්ම ඕනවුනේ
දුරක ඉන්න වෙලාවට නෙවෙයි
ළගින්ම ඉන්න වෙලාවක
මගේ ඇස් මග ඇරල
ඔයා කියවද්දි

                                         

Tuesday, May 2, 2017

මං හිටියෙ මනමාලිය වෙන්න නුබේ ආදරේ

මං හිටියෙ මනමාලිය වෙන්න නුබේ ආදරේ
තැලි පිළි වලින් හැඩ වෙලා නුබේ වෙන්න
තුන් හිතකවත් තිබුනේ නෑ දීග යන්න වෙන හිතක් එක්කල
ආදරේ නම් අහන්න මගේ හිත අරන් යන්න
මට තවත් බෑ හිනාවෙන්න බොරුවට මාවම රවටන්න


Thursday, April 20, 2017

නුඹේ කුරැලු ඇස් ළගදි

ඔයා තරු කුමාරයා වෙනවද
ම්හු…….. මට බෑ
ඇයි ඒ ”  
මට ගෙබි කුමාරය වෙන්න ඕනා
ඒ මොකෝ ඒ
මට ඕන නිසා
එහෙම බෑ මමයි මෙතන චරිත දෙන්නෙ හරිද? ”
මට බෑ එහෙනම් මට ගෙබි කුමාරයමයි වෙන්න ඕන
හරි මං දෙන්නම් හේතුව කියන්න ගෙබි කුමාරයම ඕන
ඇයි මෝඩ කෙල්ලෙ ඒකවත් තෙරෙන් නැද්ද
තේරෙනව නම් අහන් නෑ නෙ මෝඩ කොල්ලො
ඔයා සුරංගනා කතා කියවල නෑ නේද ? ”
මං කියවල තියෙනවා…….”
එතකොට ගෙබි කුමාරයා , කුමාරයෙක් වෙන්නෙ කොහොමද?”
කිස් එකක් දුන්නම නෙ? ”
දැන්වත් තේරුනාද මෝඩ කෙල්ලට
අහා........ තේරුනේ දැන් තමයි ගෙබි කුමාරයො…….. ”



උත්තුංග දේහදාරි පිරිමියෙක් නොව
උත්තුංග පිරිමි හිතක්
පැතුවෙමි මමත්
නුඹේ කුරැලු ඇස් ළගදි
මට මාවත් අමතක වෙද්දි
නුඹ මටත් නොදන්වාම
උත්තම පුරැෂ  ප්‍රේමයක
මා පටලවාගත් අරැමය  
                        

Friday, March 31, 2017

මගේ ආදරය

හමු වුන
හමු නොවුන
මග හැරැන
ආදරණීය හිතකට
ලෝබකම් කරමි
මෙතෙකැයි කියා
නිම කළ නොහැකි
හැගීමක් තුළ නිසොල්මන්ව
සොයමි අදත් ඒ ආදරය
හමුවුනිද
තවම හමුනොවුනිද
මගහැරැනිද
මගේ ආදරය



Tuesday, March 7, 2017

නුබ හැර

දෑස් නොපියාම
මා දකින්නේ
නුබම වූ කල්හී,
මුලු හිතම
නුබ
ආදරයෙන් පුරවාපු පසුත්
මේ සිතින්ම
මේ ආත්මයෙදී නම්
නුබ හැර වෙනකෙකු
පතන්නේ කොහොමද
යලි කිසිදාකවත් නුබ නොආවත්…………………..


              


Tuesday, February 28, 2017

ඉස්සර ඔයාව හොයනව මං අදත් ඔයාගෙ ලග

නුබේ නපුරු කතාවකට
වෙනස්කමක් එක්කම
හිත රිදුනු දවස් වල
මං දරාගෙන හිටියා
මං ආදරේ නිසා,
වැඩකට නැති මගේ කතා
හිනා වෙවී අහන් හිටිය
අඩන්න මග බලන් හිටිය
මගේ ඇස් කියවපු
කියන්න බැරි හැම දෙයක්ම
මටත් කලින් අදුනගත්ත
ඉස්සර ඔයාව
හොයනව මං අදත්
ඔයාගෙ ලග,
පුංචි දේටත් රිදෙන බව දැන දැනත්
රිදවද්දි නුබ මගේ හිත
ඇත්තමයි මට දුකත් හිතුනා,
මහ ගොඩක් ආදරෙ පුරවගෙන
මං මග බලන් ඉන්නව
ඉස්සර වගේම
මාව මතක් වෙනකන්