Monday, October 17, 2016

සිනා පිපෙනා මේ වසන්තය

 “ඔයාට මතකද මාව මුලින්ම දැකපු දවස
හාපෝ...... එදා ඔයාව නොදැක්කා නම් හොදයි කියල මට දැන් හිතෙනව මං ඇයව කේන්ති ගැස්සවීමේ වුවමනාවටම කීවෙමි.
ෂික් අපරාදෙ ඔයා මාව නොදැක්ක නම්මට වෙන ලස්සන ෂෝයි කොල්ලෙක් එක්ක යාලු වෙන්න තිබුන.
දැනුත් කමක් නෑ ඕන නම් වෙන ෂෝයි කොල්ලෙක් එක්ක යාලු වෙන්න.
හා ඒක හොදයි මාත් කැමතතියි.අපි දෙන්නා මේ affair එක නවත්තමු. මං වෙන කොල්ලෙක් හොයා ගන්නම්.
මතක ඇතුව ෂෝයි කොල්ලෙක්වම හොයා ගන්න හොදේ.
අහන්නකෝ.......
ඇයි මොකෝ........
අනේ ඇයි මේ නපුරැ විදියට කතා කරන්නෙ?
එහෙම තමයි දැන් ඉදන්
එහෙම බෑ ආදරෙන් කතා කරන්නකො අනේ
මමත් හොද ලස්සන කෙල්ලෙක් හොයා ගන්න
මොකක්?
ඔවු ඇයි
ඇත්තටම ඔයා වෙන කෙල්ලෙල් එක්ක යාලු වෙනවද?
ඔව් මාත් ෂෝයි ලස්සන කෙල්ලෙක් එක්ක යාලු වෙනව
 “එපා
ඇයි එපා කියන්නෙ අපි දැන් affair එක නවත්තලනෙ තියෙන්නෙ, මං මට ඕන දෙයක් කරනව හරිද
බෑ බෑබෑ............ඔයාට බෑ වෙන කෙල්ලෙක්ට ආදරේ කරන්න
කවුද කියන්නෙ බෑ කියල මට පුලුවන්
ඒ වුනාට වෙන කෙල්ලෙක්ට බෑ මං තරම්  ඔයාට ආදරේ කරන්න නේද?
පුලුවන් වේවි, මට දැන් කවුරැත් ආදරේ නෑ නේ ඉතිං දැන්
නෑ මං ආදරෙයි ගෙඩාරියක්ඇය මගේ උරහිසට ඇගේ කම්මුලක් හේත්තු කරගෙන කීවාය.  
බොරැ කියන් නැතුව ඉන්න
බොරැ නෙවෙයි මට ඔයාව ඕන, මං ඔයාට ආදරෙයි
මං දැන් ඔයාගෙ බොරැ වලට රැවටෙන් නෑ හරිද?
නෑ නෑ ඇත්තමයි අනේ............මං ගෙඩා......රියක් ඔයාට විතරමයි ආදරේ
එහෙනම් මාත් ටිකක් විතර ආදරෙයිලු
මං මෙච්චරක් ආදරෙයි. ඔයා කොච්චරක් විතර ආදරෙයිද කියන්නකො  ඇය පොඩි එකෙක් මෙන් දෑත් විහිදා මට ආදරේ තරම පෙන්වා කීවාය.
මං කිවුවනෙ මං ටිකයි ආදරේ
 “අයියෝ........ ඇයි ටිකක් විතරක්
මේ ටික මදියි නම් අර ඔයාගෙ ෂෝයි කොල්ල ලගට
නපුරා , ඔයා හරි නපුරැ වෙලා දැන්ඇය දෙනෙත් වල කදුලු පුරවාගෙන කීවාය.
 “මේ අහන්නකො ඔයාට වෙන කෙනෙක් හම්බෙයිද මං තරම් ආදරේඇය මා දෙසට හිස ඇල කර එය ඇසු ආකාරයට මට ඇයව තුරැලට ගෙන සිපගන්නට සිත්විය.
නෑ ආයිත් කවදාවත් හම්බෙන්නෙ නෑ
කවදාවත් හම්බවෙන්නතු එපා ඇය මුවෙහි හීනියට මතුවුන සිනහවක්ද සමගින් කීවාය.

සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ
මගේ ලොව වෙත  ඔබයි ගෙන ආවේ
සිනාසී……….
ඔබයි ගෙන ආවේ
වසන්තය
මලක් සේ


නිබද සුවදයි ඔබ නිසා මට
ගමනතින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමන් නොවේවා
නැවුම් සුහුඹල් යෞවනේ හසරැල්
සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ
මගේ ලොව වෙත  ඔබයි ගෙන ආවේ
සිනාසී……….
ඔබයි ගෙන ආවේ
වසන්තය
මලක් සේ

නිසල සිතුවිලි සසල තුරැලිය
අර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැලද සැනසෙන
තැනක සගවමි හද සෙනේ සුසුමින්

සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ
මගේ ලොව වෙත  ඔබයි ගෙන ආවේ
සිනාසී……….
ඔබයි ගෙන ආවේ
වසන්තය
මලක් සේ


ගායනය :  සමිතා මුදුන්කොටුව සහ ලක්ෂ්මන් විඡේසේකර 


                               

No comments:

Post a Comment