Sunday, September 25, 2016

රෑ සමනළියකගේ ඉකිබිදුම

පයෝධර කෑගසා ඉල්ලුවේ නැත
නුඹේ ස්පර්ශය
හදවත නොනිතිව
කෙදිරි ගා  ඉල්ලුවේ
ආදරය ම පමණි,
නමුදු
හැම පිරිමි ආත්මයකටම
අවැසි වුයේ
මගේ ලැම පමනක් වු සද
කවුරැ දෙන්න ද
මගේ හිරි වැටුන හිත
උණුසුම් කරන්නට තරම්
ආදරයක්


                 

Monday, September 19, 2016

ආදරය ඔබ ය

අනාරාධිත ආරාධනාවක
නෙත් සිලු ඇවිල වු
නෙත් කැල්ම ඔබ ය,
සීමා මායිම් ඉක්මවා ගිය
හදෙහි නීතියට යටත්ව
මගේ හිත ස්පර්ශ කළ
ආදරය ඔබ ය,
අවශේශීත අංශුමාතී හැගීමක
නිරුපද්‍රිත මතකය නුඹ ය
යාවත්කාලීන නොවූ බැදීමක
නිද්‍රාසන්න නාමය නුඹ ය
චිත්ත සන්තානයේ
අනුපමේය ආදරයකින්
මටද අහිමි
මගේ අඩවන් වූ හද කවුලුවෙන්
අදත් අයිතිය විමසන
ආදරණීය මිනිසා නුඹ ය


                 


                                          

Monday, September 12, 2016

මම ඔයාට ආදරේ කරාට

අයිති කරගන්න බැරි බව දැන දැනම
මම ඔයාට ආදරේ කරාට,
වෙන හිතකට
ඔයාව අයිති කරගන්න කිව්වට
තවත් හිතක් ළග
ඔයා නැවතුන වෙලේ
නිහඩ වෙලා
දැනෙන් නෑ වගේ හිටියට,
ඔයාට නොපෙනුනාට
මගේ හිතේ ගැඹුරැම තැන
ඔයා වෙනුවෙන් වැළපෙනවා