Thursday, December 29, 2016

අනේ කාළය....................

ඔහුගේ ඇසු පතුළටම කිමිදී කියවන්නට
ඉදහිට මට රවන ඔහුගේ මුව මත
තරහවක් තවරන්න
ඔච්චමට හිනා වී
මට කියන කතා අහන්නට
ඔහුගේ ආදරෙන් මුසපත්ව සිනාසෙන්නට
නෙත් පුරා ඔහු දැකගන්නට
අනේ කාළය....................
නුඔට හැකිනම් පවනට බදු වේගයෙන් යන්නට


Monday, December 26, 2016

මා දමා තනිව ගියේ කිම

සොයම් මම
අදත්………..
එදා
මුහුදු රළ අතර
සැගව ගිය
නුඔව,
රළ පෙල ඉකි බිදින
හඩ දිගේ,
නැගී බිදෙන
පෙන බුබුලකට කියමි
මගේ ආදරේ අවනඩුව,
අහන්න මගේ
සදාතනික පෙම්වතානණි,
මා දමා තනිව ගියේ කිම
නුඔ රළ පෙල සමග හාදව


             

Saturday, December 3, 2016

නුඹ එනවද මාත් එක්ක

හීන ගහන මද්හනක
සීතළ වැහි ඇති හවසක
ඇවිද යන්න අනන්තයට
නුඹ එනවද මාත් එක්ක
දහදිය වෑහෙන හවසක
දොඩමලුව හිනැහීගෙන
කතා ගොතන්නට
නුඹ එනවද මාත් එක්ක
සුළැගිලි අපෙ පටලවාන
මිරිගු සයුර තරනය කොට
අව් රස්නෙට පිච්චීගෙන
ජීවිතයේ ඇවිද යන්න
නුඹ එනවද මාත් එක්ක