Saturday, December 3, 2016

නුඹ එනවද මාත් එක්ක

හීන ගහන මද්හනක
සීතළ වැහි ඇති හවසක
ඇවිද යන්න අනන්තයට
නුඹ එනවද මාත් එක්ක
දහදිය වෑහෙන හවසක
දොඩමලුව හිනැහීගෙන
කතා ගොතන්නට
නුඹ එනවද මාත් එක්ක
සුළැගිලි අපෙ පටලවාන
මිරිගු සයුර තරනය කොට
අව් රස්නෙට පිච්චීගෙන
ජීවිතයේ ඇවිද යන්න
නුඹ එනවද මාත් එක්ක



No comments:

Post a Comment