Tuesday, February 28, 2017

ඉස්සර ඔයාව හොයනව මං අදත් ඔයාගෙ ලග

නුබේ නපුරු කතාවකට
වෙනස්කමක් එක්කම
හිත රිදුනු දවස් වල
මං දරාගෙන හිටියා
මං ආදරේ නිසා,
වැඩකට නැති මගේ කතා
හිනා වෙවී අහන් හිටිය
අඩන්න මග බලන් හිටිය
මගේ ඇස් කියවපු
කියන්න බැරි හැම දෙයක්ම
මටත් කලින් අදුනගත්ත
ඉස්සර ඔයාව
හොයනව මං අදත්
ඔයාගෙ ලග,
පුංචි දේටත් රිදෙන බව දැන දැනත්
රිදවද්දි නුබ මගේ හිත
ඇත්තමයි මට දුකත් හිතුනා,
මහ ගොඩක් ආදරෙ පුරවගෙන
මං මග බලන් ඉන්නව
ඉස්සර වගේම
මාව මතක් වෙනකන්




Friday, February 24, 2017

නුබ

ඇසෙන නොඇසෙන
සුසුම් හඩකට පවා
ප්රෙමණීය හුස්ම කැටි කල
නුබ
අතින්වත් අත නොඅල්ලා
සිනා කැන්දා
පෙම් බස් දෙඩූ
නුබ
නිහඩ රෑ සමයක
ආදරේ
සවන්පතට කෙදිරූ
නුබ
මගේ ඉකිබිදුමක
මගේ හිනාවක
එලිවැට වු
නුබ
මා මටද
නුබ නුබටද
අවැසි නොවු දිනෙක
ප්රේමය ගෙන ආ
නුබ