Tuesday, February 13, 2018

අපි ලබන ආත්මෙදි හමුවෙමු

ආදරේ කියන්නෙ ප්රාර්ථනාවක් නෙවෙයි
එහෙනම්
ආදරේ පිදුමක් විතරක්මද?
නැහැ
ආදරේ කියන්නෙ පරිස්සම් කරගන්න ඕන දෙයක්…….
ආදරේ නුරාගින්නක්ම ද
දන්නෙ නෑ නේද?
ආදරේ කුලයක් හෙව්වද
ඔව් නේද?
තවම නුඹ
ගමනාන්තයක් හෙව්වෙ
නෑ නේද ?
එහෙනම්
අපි
ලබන ආත්මෙදි හමුවෙමු 


   




Monday, February 12, 2018

හීන විකිණීමට ඇත

හීන විකිණුවා
ගත්ත ගානටත් අඩුවෙන්
අත්පිට මුදලටම
ලාබයක් නම් නැතුවට කමක් නෑ
මගේ හිත නිදහස්

රටා මවා හැඩ දමා
අලුතින් හීන මවමි
අත්පිට මුදලටම
ගැනුම්කරුවෙක් අවශ්ය කර තිබේ