Thursday, August 25, 2016

ඔයාට මතක ද

ඔයාට මතක ද
රෑ අහසෙ
තැබිළි පාටට පායපු
එකම එක
පුංචි තරැව
ඔයයි මටයි
දෙතැනකට වෙලා
එකම වෙලාවෙ
බලාගෙන හිටපු ,
අදත්
එදා වගේම
ඒ තරැව පායල
ඒත්
ඔයයි මමයි
අහස දිහා බලාගෙන
නෑ කියල
පුංචි තරැව
දන්නෙ නැතුව ඇති ,
අහසම පාලු වෙලා ගිය
වෙලාවක
හද අමාවක වුන රැයක
අහස දිහා බලන්න
කවදාම හරි මතක් වුනොත්
තොරතොංචියක් නැතුව
කියවපු
ඔයාගෙ වෙලා හිටපු
මාව



                               

Thursday, August 4, 2016

අපේ ආදරේ

අපේ ආදරේ
කවදාවත් එක් නොවන
රේල් පීලි දෙකක් වගේ
මං දන්නව,
අතරමගදි
අපිට නතර වෙන්න වෙනවා
ඒත්
හුස්ම වැටෙන මායිමෙන්
හැමදාම
මං ඔයා එක්ක එන්නම්