Thursday, August 25, 2016

ඔයාට මතක ද

ඔයාට මතක ද
රෑ අහසෙ
තැබිළි පාටට පායපු
එකම එක
පුංචි තරැව
ඔයයි මටයි
දෙතැනකට වෙලා
එකම වෙලාවෙ
බලාගෙන හිටපු ,
අදත්
එදා වගේම
ඒ තරැව පායල
ඒත්
ඔයයි මමයි
අහස දිහා බලාගෙන
නෑ කියල
පුංචි තරැව
දන්නෙ නැතුව ඇති ,
අහසම පාලු වෙලා ගිය
වෙලාවක
හද අමාවක වුන රැයක
අහස දිහා බලන්න
කවදාම හරි මතක් වුනොත්
තොරතොංචියක් නැතුව
කියවපු
ඔයාගෙ වෙලා හිටපු
මාව



                               

No comments:

Post a Comment