Saturday, December 20, 2014

ජිවිතය...........

                                

ජිවිතේ????????????????
අර්ථකථනය කරන්න කිව්වොත් හැමෝම එක එක විදිය දේවල් කියාවි.
ඒත් ඇත්තටම ජිවිතේ කියන්නෙ මොකක්ද?

   දිනෙන් දින නිදිවරා
   බිදෙන් බිද විළිලා
   හිරු නැගෙන යාමයේ
   දෝතින්  පුදා පිළිගැන් වු
   මධ්‍යහනයේ ගෙවී ගොස්
   සයුරත හිරු මිය යන පැයේ
   සියල්ල හැර යන
           ජිවිතය

මට ජිවිතේ මෙහෙම දැනෙද්දි ඔයාට වෙන විදියකට දැනේවි සමහර විටක,  
 සමහරුන්ට ප්‍රශ්නාර්ථයක්ම වුන ජිවිතේ, තවත් සමහරුන්ට උත්තරය හොයල දීලත් ගලප ගන්න බැරුව ඉන්නවා වෙන්න පුළුවන්.
                   ජිවිතේ ඔයාට සුඛාන්තයක් වුනත්, තවකෙකුට  ශෝකාන්තයක් වුනත්, දුකයි, සතුටයි හැමදාම තියෙන්නෙ නෑ, හිතුවෙවත් නැති  වෙලාවක, දුක ඔයාව අත හැරලා, වෙන කෙනෙක් ලඟට යාවි, සතුටත්  එහෙමයි. ඉතිං .........  දුක සතුට අතරෙ ජිවිතය විදින්න.

                             
                               

දවසක් මට යාළුවෙක් බෝනික්කෙක් පෙන්නලා කිව්වා

"මේ බොනික්කන්ගෙ ඇස් හරිම නපුරු පාටයි නේද?"
මං  යාළුවට කිව්වා.

"ඒ බොනික්කො දිහා ආදරෙන් බලන්න, ඔයාට ඒ ඇස් ලස්සනට පෙනේවි"    කියලා

අපි බලන කෝණෙන් තමයි අපිට හැම දේම පේන්නෙ, ඉතින් ඇයි අපිට බැරි හැම දේ දිහාම ලස්සන විදියට  බලන්න.  ආත්මාර්ථකාමීබව,ක්‍රොධය,රාගය පිරුන දෙනෙතින් ජිවිතෙ දකින්න උත්සහ නොකර, එතකොට ඔයාටයි, මටයි පුළුවන් නම් ජිවිතේ ලස්සනට දකින්නඅනිත් හැමෝටම පුළුවන් වේවි. මේ ලොකේ මීට වඩා ලස්සන වේවි.

ඔයාටයි මටයි මේ ගෙවෙන දවස් කිහිපය ගැන මහා ලොකු දෙවල් ගොඩක් ඇති කියන්න, ඒත්  සසර ගමනේ ඉල්ල ගත්ත එක් නවාතැන්පළක් වුන මේ බවයෙ,  ජිවිතේ කියන්නෙ මොකක් වුනත්, ලස්සනට දකින්න, සුන්දරව විදින්න.

 කොහොම වුනත් අරන් යන්න ඉල්ල ගත්ත මේ ජිවිතේ, කඳූළු හිනාවෙන, සතුට දෝරෙ ගලන තත්පර දහසකුත් අතරෙ ජිවිතය සුන්දරව දැනේවි.

                                          







Monday, December 15, 2014

වැස්ස හිනාවෙනවා

                           

වැස්ස හිනාවෙනවා
එදා වගේම අදත්
නුබ කොහිද?
මම
සොයනවා
එක කුඩයේ
නොතෙමී තෙමෙන්නට

                                                 


                                             

Tuesday, December 2, 2014

රැ කුමාරියේ

                                          

මේ අහස් වියන යට
තරු එළියෙන් පාර අසා
සදට රහස් මුමුනන
රැ කුමාරියේ
දෙනෙත් පුරා පිරි
සිනහ නගන
කෝල කොමළ බස් තෙපලන
නුබ.....
කාගේ වරදින් වරදෙ බැදෙන්නේද ?

                                                         

Wednesday, November 26, 2014

මං ඔයාට අදෙරෙයි

                                   
මං ඔයාට අදෙරෙයි
ඔයා මට රිදෙව්වත්
මං ඔයාගෙ ආඩම්බර කමට ආදරෙයි
යන්තමට ඇස් පුංචි කරලා
මගෙ ඇස් දිහා බලලා
ඉදලා හිටලාවත්
මාත් එක්ක
හිනාවෙනවනම්
මං ආසයි        
                                       

Saturday, November 22, 2014

ප්‍රාර්ථනාවක්


බවාග්‍රය තෙක්
නොසිදෙන
උත්තරීතර
ප්‍රේමයක්
මං
නුබෙන්
නොපතමි
නමුදු ,
සිනාසී
දොඩමළුවන
ලබැදියාවක්
මං
නුබෙන්
සැමදා
පතමි                                                
                                                     






Tuesday, November 18, 2014

රස්තියාදුකාර ආදරේ


විප්ලවීය තාරුණ්‍යයට
අකුරු ඇහිදින
ඔයාගේ
රස්තියාදුකාර
ආදරේ
ලග
මමත්
ආදරවන්තියක්
වුනා...............


                                           

Friday, November 14, 2014

හතරැස් මිනිස්සු

                                  
වටකුරු ලෝකෙ
හතරැස් මිනිස්සු
හොයන්න 
ගිහින්
මං
හිස් අතින්ම 
ආපහු ආවා
එත් 
මහ ගොඩක් දේවල්
මිනිස්සු ගැන
මං
ඉගෙන ගත්තා

                             

Tuesday, November 11, 2014

ප්‍රථම ප්‍රේමය

                                       
පිවිතුරුව හදේ ගැඹුරුම
තැනින් මතුවන
සොදුරු හැඟුමක්ය ප්‍රේමය
වසන්තයේ එක දවසක
සිනහව තුරුළු කර
සසර ඉම තෙක් ඇවිද යන්නට
පෙරුම් පිරු හැටි
හරි ආදරෙයෙන්
මතකද ඔබටත්.........
ඔබත් මමත්
හමු වී වෙන් වුන
හද සුසුම් රටා පැටලුන
කඳුලු ස්වප්නයකි
ප්‍රථම ප්‍රේමය                                                  

                                                       

Thursday, October 30, 2014

නුඹ එන්න ආදරෙන්

                                   
ඇසි දිසි මානයේ
නෙත් ඉම සරැළි නගන්නට
නුඹ එන්න ආදරෙන්
ඇහි පිල්ලමක් යට නතර වෙන්නට
සඳ එලියෙන් බබලන
කළුවර රෑ ආකාසේ
කළුවර රෑ ආකාසේ
එක තරුවක් දිහා බලන්
කියවන්නම් ඇති වෙනකම්
අහගෙන ඔබ ඉන්නවනම්
දෝරෙ ගලන නුඹෙ සෙනෙහස
මගෙ ඇස් දෙක ලඟ නතරව
පෙම් කවි කියනා යාමෙක
මං ආදරයෙන් ඉන්නම්

                           

Thursday, October 23, 2014

රහයි ජීවිතේ

         
හැල්මෙ දුවන
මේ ජීවිතෙන්
මොහොතකට නැවතිල
හිතන්න
රහයි ජීවිතේ






                                        

Monday, October 20, 2014

ඇවිත් යන්න එනවද ඔබ

                                         

මගේ නොවන  නුඹෙ සුවඳට
මගේ කියන්න
ඉගි කරන නෙත් කැලුම්
ඳග කරන හඳවතින්
තව එක මොහොතක්
මගේ කියන්න
ඇවිත් යන්න එනවඳ ඔබ
තව එක දවසක්

නෙත් අද්දර හැමට හොරෙන්
ආලිංගන පෑවේ ඔබ
අහසේ ගෑවෙන තරමට
හීන එකතු කරාපු ඔබ
ඇවිත් යන්න එනවඳ 
තව එක දවසක්

සුසුම් රටා පැටලුන
ඔබත් මමත්
හමුවී වෙන්වුන
සයුරු මායිමේ
තව එක මොහොතක්
ඔබ මගේ කියන්න
ඇවිත් යන්න එනවඳ 

තව එක දවසක්


                                           
උඩු සුළඟට හමායන
මහද සිතුවිලි
පද බැදුණු
කවිකාර සුළඟට ඇරයුම්...