Saturday, November 26, 2016

පෙම් කරමි මම ආදරෙන්

නුඹේ බාහුවට මුව තබා
නාස්පුඩු වලට දැනෙන
නුඹේ ආදරණීය සුවද
විදිමි මම ආදරෙන්,
කොයි කාටවත් නොදැනුන
ආත්මීය බන්ධනයක සුවදට
පෙම් කරමි මම ආදරෙන්

                      

Saturday, November 19, 2016

මගේ නෙවුනට කම් නැති

කෝඩු පොද වැහි
වැටෙන රෑකදි
ළගින් ඉන්නට පැතු පැතුමන්
තාම ඇතිවද නුඹෙ හිත ළග,
කූඩු වෙන්නට හිතන් බෝකල්
දුටුව පෙම් හීනේ
කවුරැද දැන් ළගින් ඉන්නේ
නුඹේ කැදැල්ලේ අම්මා වෙලා................
විසිකෙරැවාද නුඹ
ඒ හීන මල් වෙන හිතක් ළග
නැවතුන දා
නුඹේ හිතටත් දැන් පාඑ නැතුවැති
නුඹත් දැන් සතුටින් නම්
මගේ නෙවුනට කම් නැති..........