Sunday, March 25, 2018

ඔයාට ඉන්න පුලුවන්ද මා එක්කම.......................

 ඔයාට පුළුවන්ද මගේ වෙන්න
ජිවිත කාලේ පුරාවට හැමදාම
වෙන කාගෙවත් නොවී මගෙම වෙන්න
මං  අඩද්දි හිනාවක් නොගෙනාවට
අඩද්දිත් මා ලඟට වෙලා හිස අතගාන්න
ඔයාට පුළුවන්ද?
දාලා යන්න හේතු දහසක් අතර
ළඟ ඉන්න එකම එක හෙතුවක් හොයා ගන්න
ඔයාට පුළුවන්ද?
මාව විශ්වාස කරේ නැතත්  අවිශ්වාස නොකර ඉන්න,
මං හැම වෙලේම විකාර කියවද්දි  
හූමිටි තිබ්බෙ නැතුවට කමක් නෑ
බනින් නැතුව හැමදේම අහන් ඉන්න
ඔයාට පුළුවන්ද?
මට පුංචිම පුංචි බොරුවක්වත් නොකර
ඇත්තම ඇත්ත විතරක්ම කියන්න
සත්තකයි මං  තරහ වෙන් නෑ …………
එපා
මගේ හැම ප්රශ්නෙම නුඹ ගන්න
ඒත් පුලුවන්ද හැම එකටම මා එක්කම ඉන්න,
ඇස් රතුවෙනකල් අඩන්න හේතු දීලා
ලගට අරන් හාදුවක් දෙනවට වඩා
මගේ කඳුළු වලට හේතුවක් නොවී ඉන්න
ඔයාට පුළුවන්ද?
ඇස් ඇරගෙන හීන කියවද්දි
හැම හීනෙම හැබෑකරගන්න
ජීවිතේ හැමදාම
ඔයාට ඉන්න පුලුවන්ද මා එක්කම.......................  

                                

No comments:

Post a Comment