Wednesday, November 26, 2014

මං ඔයාට අදෙරෙයි

                                   
මං ඔයාට අදෙරෙයි
ඔයා මට රිදෙව්වත්
මං ඔයාගෙ ආඩම්බර කමට ආදරෙයි
යන්තමට ඇස් පුංචි කරලා
මගෙ ඇස් දිහා බලලා
ඉදලා හිටලාවත්
මාත් එක්ක
හිනාවෙනවනම්
මං ආසයි        
                                       

Saturday, November 22, 2014

ප්‍රාර්ථනාවක්


බවාග්‍රය තෙක්
නොසිදෙන
උත්තරීතර
ප්‍රේමයක්
මං
නුබෙන්
නොපතමි
නමුදු ,
සිනාසී
දොඩමළුවන
ලබැදියාවක්
මං
නුබෙන්
සැමදා
පතමි                                                
                                                     






Tuesday, November 18, 2014

රස්තියාදුකාර ආදරේ


විප්ලවීය තාරුණ්‍යයට
අකුරු ඇහිදින
ඔයාගේ
රස්තියාදුකාර
ආදරේ
ලග
මමත්
ආදරවන්තියක්
වුනා...............


                                           

Friday, November 14, 2014

හතරැස් මිනිස්සු

                                  
වටකුරු ලෝකෙ
හතරැස් මිනිස්සු
හොයන්න 
ගිහින්
මං
හිස් අතින්ම 
ආපහු ආවා
එත් 
මහ ගොඩක් දේවල්
මිනිස්සු ගැන
මං
ඉගෙන ගත්තා

                             

Tuesday, November 11, 2014

ප්‍රථම ප්‍රේමය

                                       
පිවිතුරුව හදේ ගැඹුරුම
තැනින් මතුවන
සොදුරු හැඟුමක්ය ප්‍රේමය
වසන්තයේ එක දවසක
සිනහව තුරුළු කර
සසර ඉම තෙක් ඇවිද යන්නට
පෙරුම් පිරු හැටි
හරි ආදරෙයෙන්
මතකද ඔබටත්.........
ඔබත් මමත්
හමු වී වෙන් වුන
හද සුසුම් රටා පැටලුන
කඳුලු ස්වප්නයකි
ප්‍රථම ප්‍රේමය