Saturday, January 30, 2016

ඔයා මාව රවට්ටද් දි

මම වැරදි ද,
ඔයා  වැරදි ද,
නැහැ……………
අපි දෙන්නම වැරදියි
ලෝකයට වසන් වී
ඔයා මාව රවට්ටද් දි,
මම මාවම රවට්ට ගන්නව


                            

Monday, January 25, 2016

(අ) සම්මතය

යථාර්තයක් නොවන ස්වප්නයක
නුඹ සහ මම,
අත්වැල් බැදන් ඇවිද යන්නෙමු
නමුදු,
කොටුවුන සම්මතයේ
රාමුවෙන් එපිට
(අ) සම්මතයේ
පිහිටා සිට
අපි
පෙම් කරන්නෙමු



                                          

Friday, January 22, 2016

ආදරණීයම හමුවීම නුබ

අනාරාධිතවම
මගේ ලොව වෙත 
නුබයි
වසන්තය ගෙන ආවේ,
කදුළු පිසදා හසරැල්ලකින්
අකුරු කළාආදරය
නන්නාදුනන නුබ,
ලය මත පිපුන උණුසුම් සුසුම
නෙතු ළග රැදුන සීතල කදුල
හැඩ කළ
පියවර ළකුණ
ඔබ යි,
ගව් සුවහස් ගව් පියමැන
කල්ප සියයක් පරැම් පුරාගෙන
සංසාරික ආදරයේ
ආදරණීයම හමුවීම
නුබ




Sunday, January 17, 2016

මං උඹ ට මහ ගොඩාරියක් ආදරේ හින්දා

ආදරය ගැන
උඹ කියපු කවි
මම මවපු හීන
වචන බර කරලා
උඹ මාව                  
රවටන්න
කියපු
බොරැ ආදර කථා වලට
මම අදත්
හරි ආදරෙයි
අදත්
බොරැ බව දැන දැනම
මං උඹ ව
විශ්වාස කරන්නෙ
මං උඹ ට
මහ ගොඩාරියක්
ආදරේ හින්දා

                                   

Friday, January 15, 2016

අම්මේ

අඩන ඇස් වලට
කථා කරන්න කියා දුන්න,
රිදෙන හිතට
සතුට කැන්දාන 
ආදරෙන් මා තුරැළු කරන් 
හිස සිම්බ
මගේ ලෝකයේ
ආදරණීයම
ආත්මයනුඹයි

                               




Sunday, January 3, 2016

නුඹ

ඇස් හිනාවෙද්දි
හිතට මෙච්චර අඩන්න
කියා දුන්නෙත් නුඹම යි
ඔයා දුකින් නේද?
නුඹ අහන විට
හිනාවෙවී ම
නෑ කියන්න
පුරැදු වුනේ
ඔයා නිසාම යි
හිනාවෙන්න වගේ ම
අඩන්නට ත් පුරැදු කරේ
නුඹම යි
මට


Friday, January 1, 2016

රස්තියාදු පෙම්වතාට බොළඳ පෙම්වතීගෙන්

උඹේ බොර පාට ඇස් ළග
අදත් නොදැනීම
මගේ හිත නැවතුනා
එක තැනක නැති නුඹේ
ඔය හිත
මට ආදරේ
කරනවද මන්දා
ඒත්
උඹේ ඔය
රස්තියාදුකාර ආදරේට
මගේ බොළද හිත
හරි ආදරෙයි