Monday, January 23, 2017

නුඹ ට ලියමි

නුඹ ට ලියමි,

ගිනි ගහන අව් රශ්මියේ
රෑ හීන එළි කරන්නට
කදුලු ගෑස් මැද්දෙන්
දුවන නුඔට
ගමේ එන්න කියල
කරදර කරාට
සමාවෙන්න මට,
ෆැන්ටැසියෙන් ඔබ්බට
ගෙන්දගම් පොළව පීරලා හරි
විප්ලවීය ආමන්තුනයක
අපේ උන්ගෙ
අයිතිය හොයාගෙන එනකන්
මං ආදරෙන් බලන් ඉන්නම්
පරිස්සමින් ඉන්න

              මං,
               ඔයාගේ ආදරේ


Monday, January 9, 2017

රස්තියාදුකාර ආදරේ

ඔයා වවපු
රැවුලටයි කොන්ඩෙටයි
හැමෝටම ඔයාව
රස්තියාදුකාරයෙක් වුනාට,
ඒ රස්තියාදුකාරයගෙ
රස්තියාදුකාර ආදරේට
මං
මහ ගොඩාරියක් ආදරෙයි



Thursday, January 5, 2017

අපි හොදටෝම වයසට ගිය දවසක

අපි හොදටෝම වයසට ගිය දවසක
ආයිත් හමුවෙමුද මේ වගේ
බොරැවට තරහ වී
නෝක්කාඩු කතා කියු දවස්,
දහසක් නෙත් වලට හොරා
මගේ මුව මත
නුබේ දෙතොල් පහස තැවරෑ
අතීතයට සිනා සෙන්න,
අපි හොදටෝම වයසට ගිය දවසක
 ආයිත් හමුවෙමුද මේ වගේ
එදාටත් මේ වගේ ආදරයක් තියේවිද
නුඔ ට අරගෙන එන්න,
ඇත්තටම,
එදාට අරගෙන එන්න
නුඔ ට  මතක තියේවිද
මගේ ආදරේ..........
අපි හොදටෝම වයසට ගිය දවසක
පරිස්සමට  අරං එන්න
මතක තිබුනෝතින්
මේ ආදරයෙන් අංශුවක්වත්,
මේ හුරැපුරැදු අහස යටදිම
අපි ආයිත් හිනාවෙමු
ආදරෙන්