Thursday, November 23, 2017

මං තරම් පෙම් කලානම් නුබත්

මං දන්නවා
ගිණි ගහන මහ අව්වේ
මා එක්ක එක කුඩේ ගිය දවස්
අදත් නුඹට මතකෙට නැගෙනවා
මං නැතත් මතක් වී ඒ අතීතය
යටැසින් මල් පාර දෙස බලනවා

යලිත් එන් නැති දවස් වල අපි
තාම ප්‍රෙමය සොයනවා
මහ හුගක් සුසුමන් මතින්
තාම මමත් පුරුද්දට මඟ බලනවා
නුඹ දන්නවද
නුඹ මට දුන්න හිත තවම නොවෙනස්ව තියෙනවා

මං නැතුව අදත් මේ අහස යට නුබ තුටින් බැව් මා දන්නවා
අපි ගිය පාරේ තුරු ලතා වල මල් අදත් පිපෙනවා   
මං නැතත් ඇගේ කුඩේ ඉරේ රැස් මකනවා  
මං තරම් පෙම් කලානම් නුබත්
අනේ මට විටෙක හිතෙනවා


ඒ මගේ ආදරේ……. නුඹට අරුමෝසම් වැඩි කියු


දඟකාර කුරුල්ලෙකුට දාව
ඊරිසියාකාර කිරිල්ලියකට
ඉපදුණු ප්රේමයයි
ඒ මගේ ආදරේ

රටා මවමින් කෝලන් කරන
අතින් අදිමින් ඇවිටිලි කරන
ප්රේමයක් වීනම් මෙතෙකැයි කිව හැකි
නුඹ නමින් ඉපදුණු ප්රේමය
ඒ මගේ ආදරේ

දහසක් දඟකම් මැදින්
නේක විසිතුරු මැදින්
නුඹ නමින් ඉපදුණු ප්රේමය
ඒ මගේ ආදරේ
නුඹට අරුමෝසම් වැඩි කියු


Sunday, November 12, 2017

නුඹ

පාට පාට හීන අතරේ
මගේ
කළු සුදු හීනය
නුඹ


Monday, November 6, 2017

එපා මාව මතකෙට ගන්න

හිත රිද්දුවට සමාවෙන්න
කරපු තරවටු අමතක කරන්න
මතක් වුන දවසක අතීතේ
එපා මාව මතකෙට ගන්න
හුස්මකින්වත් වැරැද්දක් නොකරපු
මගේ ආදරේ විතරක්ම
හිතේ තියාගන්න
මං  යන්නම්
අයිතියක් නැති මේ හීනෙන්
නුඹ ඇහැරෙන්න කළින්