Friday, June 24, 2016

මගේ පෙම්වතාණනි

සදට ඉරට මතකයන් දෙන්නට
මතකද ඔබ මා හමු වුනා
නිම් නොවන අනන්තය තෙක්‍
වෛදික වූ ජීවිතයේ,
කෙදිනක හෝ...............
මළ හිරැ බසින හැන්දෑවක
නුඹ සමග අවසන් ගමන් යන තුරැම,
මට අවැසිය නුඹව
මේ බවයේදී පමනක් නොව
මතු හැම බවයකදීම
නුඹේ උණුහුමේ සැතපෙන්නට
නුඹවම මට අවැසිය
මගේ පෙම්වතාණනි,
ලවන් හසකැන් ආදරයෙන් හැගුම්බර වෙද්දි
පෙම් සිනා මැද ජීවිතය විදින්නට,
අම්මෙක් වගේ ජීවිතය සනහන්නට
පතිනිය වි නුඹේ කැණි මඩල සරසන්නට
මගේ ආදරය ළග ඔයාගෙ ළමයින්ගෙ අම්ම වෙන්න
නෙතු නොපියාම මම හීන දකිමි
මගේ ප්‍රේමයේ උත්තරීතර හිමිකරැවාණි.............


                      

No comments:

Post a Comment