Monday, June 13, 2016

මගේ කෝවලන්

 හේතුවක් සොයන්නට
හෝ
පිළිවදනක් අසන්නට
අවැසි නැත මට
මා නුඹට දුන් ආදරේ
කෝවලන්
ප්‍රේමයේ පාරමිතාව පුරා
කප් සුවහස් කල් පෙරැම් පුරා
සසර පුරා මා නුඹේ වන්නට
පැතුවෙමි කෝවලන්
ඉතිං....................................
මගේ ආදරයේ කොතනද අඩුවක් වුනේ
නුඹ ට  ඇගෙන් ලැබුණාද ආදරය මට වඩා
හුස්ම පොදකින්වත් වෙනසක් නොකර
මං
නුඹටම පමණක්ම පෙම් කෙරැවෙමි
නුඹම පමණයි මගේ උත්තරීතර ප්‍රේමයේ
කියූ නුඹම,
ඇයි මගේ ආදරය ඇය ළගදි සැසදුවේ
මගේ කෝවලන්
අහස ගිගුම් දී හැඩුවත්
දසතින්ම සුළං හැමුවත්
යළි කිසිදු බවයක තියා මේ බවයේදීවත්
නුඹ හැර කිසිදු ප්‍රේමයක් නොපතමි මා
මගේ කෝවලන්

                                           

No comments:

Post a Comment